part 16

166 19 0
                                    

වෙනදට වඩා ටිකක් කම්මැලි කමෙන් ජුන්කුක් ඔෆිස් එකට එනවා දැකලා යුන්ගි පුදුම උනා. වෙනදා වගේ නෙවෙ එදා මුකුත් විහිලුවක් කලෙත් නැ. ජුන්කුක් කතා කලෙත් නෑ. ඒ උනාට යුන්ගිත් කතා කරන්නෙ ගියෙ නෑ. පස්සෙ එක පාරට ජුන්කුක්

"එහ්...... මට ඔයාට කියන්න දෙයක් තියෙනවා..."

කියලා කිව්වා. ඊට පස්සෙ යුන්ගිත් ඒත් එක්කම

"මටත් කියන්න දෙයක් තියෙනවා..."

කියලා කිව්වා. පස්සෙ දෙන්නත් එක්ක හිමීට හොස්පිට්ල් එකට යන ගමන් දෙන්නගෙ කතාව පටන් ගත්තා. යුන්ගි ගොඩක් පෙශර් එකේ වගේ හිටිය නිසා ජුන්කුක් යුන්ගිට මුල් අවස්තාව දුන්නා.

"ඔයා ජිමින්ව දන්නවා කිව්වනෙ... මට එයා ගැන තමයි ඔයාට කියන්න තියෙන්නෙ..."

ජුන්කුක් මේ වෙලෙ ප්‍රශ්නාර්ථ ලකුනක් මූනෙ හදාගෙන යුන්ගිගෙ මූන දිහා බලන් හිටියා. මොකද මේ වෙලේ ජුන්කුක් කිසිසේත්ම ජිමින්ගෙ නම මෙතනදි බලාපොරොත්තු උනේ නෑ. ඒත් ජුන්කුක් මුකුත්ම කියන්න ගියෙ නෑ. ඒක නිසා යුන්ගි ම එයාගෙ කතාව පටන් ගත්තා.

"එදා එයාලව අපි හොස්පිට්ල් එකට එක්ක ගියානෙ එයාලට අසනීපද කියලා බලන්න. මම එ වෙලෙ බස් එකේ හිටියෙ අන්තිම ශීට් එකේ. එයත් හිටියෙ මම ගාව. මම ජනේලෙ ඇරන් හිටියෙ. ඒක නිසා........ ඒ වෙලෙ බස් එකත් ගොඩක් හයියෙන් ගිය නිසා...... එයා ටිකක් ගුලි වෙලා වගේ හිටියෙ... පස්සෙ මම ශටර් එක වැහුවා. ඊට පස්සෙ මම එයත් එක්ක කතා කලා. එයාගෙ නම, වයස, කොච්චර කල් ඉදන්ද එහෙ ඉන්නෙ වගේ පොඩි පොඩි ප්‍රශ්න තමයි මම එයාගෙන් ඇහුවේ. ඒත් එයා ඒ පොඩි ප්‍රශ්න වලටත්...... උත්තර දෙන්න ගොඩක් වෙලා ගත්තා....... හැබැයි ටික වෙලාවක් යද්දි එයා ටිකක් හොදට කතා කලා. කොහොම හරි එයාගෙ ඇග හැම තැනම පොඩි පොඩි තැල්මවල් වගේ රතු වෙලා තිබ්බා..... මම ඇහුවත් ඔයාට කවුරු හරි ගැහුවද කියලා.... එයා මට උත්තර දුන්නෙ නෑ... එයා ඒ හැම වෙලාවකම කලේ හිනා වෙන එක විතරයි..... කොහොම හරි එදා හැමෝගෙ ම ටෙස් ටික කරලා ඉවර වෙනකොට පහු වෙනිදා උදේ 8ට විතර උනා... එයා මුකුත් කාලා හිටියෙත් නැතුව ඇති... කොහොම හරි එයාව පරිවාසෙට කියලා වෙන් කලාට පස්සෙ එයාගෙ මූනෙ ටිකක් සතුටින් වගේ ඉන්නෙ කියලා කියන්න පුලුවන් ලස්සන පුංචි හිනාවකුත් ඇදුනා.... මෙහෙම ඉන්නකොට ටික වෙලාවකින් මම දැක්කා එයා ඔලුවත් අල්ලගෙන බිමට පාත් වෙනවා.... ඒක නිසා මම එයා ලගට ගියා එයාට මොකක් හරි අව්ලක්ද කියලා බලන්න.... මම එයාගෙ ලගට ගිහින් කතා කලා. එයා එක පාරට සිහිය නැති වෙල මගෙ උරහිසට හේත්තු උනා... පස්සෙ මම එයාව වඩා ගෙන ආයිත් හොස්පිට්ල් එකට එක්ක ගියා. එතන ඉන්න නර්ස් එක්ක මම ටිකක් වෙලා එයා ගැන කතා කර කර හිටියා. ඒ නර්ස් නම් කිව්වෙ එයාට කැන්සර් ඒක තියෙනවා කියලා. ඒ කැන්සර් එකට හේතුව ගොඩාක් බියුටි කචල් වලට ගහපු ඉන්ගක්ශන්ලු.... මට මේ වෙලෙ එයාට ගොඩාක් ලෝබ හිතුනා.... ඒ වගේම මට එයා ගැන පොඩි ආදරෙකුත් ඇති උනා.... මම දන්නවා.... ඒක ලොකු වැරැද්දක් කියලා.... ඒත්.... ඒත් එයා ගොඩාක් ලස්සනයි... ඒ වගේම හරිම අහින්සකයි..... ඒ වගේ තැනක හිටිය කෙනෙක් කියලා කියන්නවත් බෑ.... මොකද... එතන හිටිය අනිත් අය හැසිරුන විදිහ මම දැක්කනෙ... එයා ඒ අයට වඩා ගොඩක් වෙනස්... එයා අනික.. ගොඩාක් සංවර විදිහට හැසිරුනා.... ඉතින්....... එයාට..... එයාට..... එහෙම ලෙඩක් කිව්වහම.... මට මාවම එපා උනා.... මට එ වෙලෙ හිතුනා... මම කොහොම හරි එයාව බලා ගන්නවා කියලා... අනික..... මට ඉන්නෙත් තාත්තයි අම්මයි විතරයි... එයාව මට බරක් වෙන්නෙ නෑ කියලා මට හිතුනා.... ඒක නිසා ඒ වෙලෙ මම හිතා ගත්තා එයගෙ ලෙඩෙ කොහොම හරි හොද කරලා එයාව බලා ගන්නවා කියලා..."

<Who-Am-I> [BTS සිංහල - Completed]Where stories live. Discover now