part 20 (The End❣)

324 25 8
                                    

පහු වෙනිදා උදේ ජුන්කුක් ඇහැරෙද්දිත් ඊයෙ රෑ වගේම තෙයොන් එයාට තුරුල් වෙලා ඉන්නවා ජුන්කුක් දැක්කා. පස්සෙ ජුන්කුක්, තෙයොන් ඇත්තටම තාම නිදිද කියලා බලන්න ටිකක් පස්සට උන. එතකොට ඇස් ඇරගෙන හිටිය තෙයොන් එක පාරට ආයිත් ජුන්කුක්ගෙ පපුව අස්සෙ හැංගුනා.

"හපො.... එක්කෙනෙක්ට ලැජ්ජයි වගේ...."

"නෑ......"

කියලා තෙයොන් ජුන්කුක්ගෙ අස්සෙ හැංගිලාම කිව්වා. පස්සෙ ජුන්කුක් ආයිත් තෙයොන්ව තද කරලා බලා ගත්තා. ටික වෙලාවක් මෙහෙම ඉදලා තෙයොන්ගෙ බඩ කෑ ගහන සද්දෙ ජුන්කුක්ට ඇහිලා මොනා හරි උයන්න කියලා කුස්සියට යන්න කලින් වොශ් එකක් දා ගන්න ගියා. තෙයොනුත් ජුන්කුක් එනකල් ඇදේ පෙරලි පෙරලි ඉදලා ජුන්කුක් ආවට පස්සෙ නා ගන්න කියලා ගියා.

තෙයොන් නාගෙන ඇදුමකුත් දාගෙන එනකොට ජුන්කුක් කුස්සියේ බරටම වැඩ. ලිපේ තියන මොකක්ද එකක් හැදි ගගා ඉන්න ජුන්කුක්ව පිටි පස්සෙන් ගිහින් බදාගෙන

"මොනාද හදන්නෙ....?"

කියලා ජුන්කුක්ගෙ අත අස්සෙන් ඔලුව දාලා ඇහුවා. පස්සෙ ටික වෙලාවකින් තෙයොන් ජුන්කුක්ව එතනින් තල්ලු කරලා එයා ම උයන්න ගත්තා. පස්සෙ ටික වෙලාවක් සින්ක් එකට හේත්තු වෙලා අත් දෙකත් බැදගෙන තෙයොන්ගෙ දිහා බලන් හිටිය ජුන්කුක් කුස්සියෙන් එලියට ගියා.

පස්සෙ එක පාරට ඇවිල්ලා තෙයොන්ගෙ කඩා වැටිලා තියන්න කොන්ඩෙ ඔක්කොම අල්ලලා කොන්ඩයක් බැන්දා. පස්සෙ ඉස්සරහින් පනින කෑලි ටික කන පස්සෙට කරලා තෙයොන්ගෙ නලලට කිස් එකකුත් දීලා මෙයා ගෙවල් අස් කරන්න ගියා.

ජුන්කුක් මැද සාලෙ අස් කරලා ඇදන් ගසලා එනකොට තෙයොන් කෑම ඔක්කොම හදලා ඒ දෙන්නට බෙදලත් තිබ්බා. පස්සෙ දෙන්නත් එක්ක ටීවී බලන ගමන් උකුලු මුකුලු කර කර කෑවා.

"රෑට බලන්න ෆිල්ම් එකක් වත් නැද්ද අනී..."

"රෑට බලන්න ෆිල්ම් එකක්........ හොල්මන් තමයි ඉතින්...."

"හා කමක් නෑ.... මට ඔයා ඉන්නවනෙ....."

"අ.... ඇත්තට.... එහෙනම් KBS එකේ හතට එකක් පටන් ගන්නවා. අපි ඒක බලමු...."

<Who-Am-I> [BTS සිංහල - Completed]Where stories live. Discover now