01 💖

190 15 0
                                    


  '' උඹ මොනාද බං දන්නෙ........ මං කිව්වනේ මට බෑ, උඹ පලයං. ඔය මිනිහගෙ මූණ වත් බලන්න මං ආස නෑ. ''

   ටේ කියන්නෙ car එකට නැග්ග වෙලේ ඉදන් එයත් එක්ක  call එකේ ඉන්න ජිමින්ට.

  '' මොකක්ද බං මාත් ආස නෑ ඔය මිනිහගෙ මූණ බලන්න. ඒත් පට්ට කෑල්ලක් set කර ගන්න පුලුවන් බං........ පොඩ්ඩක් හිතපන්කො , අපි දෙන්න මෙහෙම තනිකඩව හිටිය ඇති මචන්. ''

  '' මං උඹට කිව්වනේ දැන්. මං ඔය party එකට යන්නෙ නෑ. ''

    ටේ කිව්වෙ ටිකක් විතර සැරින්.

  එහෙම කිව්වම එක පාරටම car එක ඉස්සරහට කව්ද කෙනෙක් පැන්න නිසා කොල්ලා එක පාරට ගැස්සිලා break එක ගැහුවෙ phone එකත් අතින් බිමට වැටෙද්දී.

  '' ඒ මචන් මොකෝ උණේ...... උඹ හොදින් නේද ? ''

    ජිමින් එහෙම ඇහුවත් එයාට එහා පැත්තෙන් කිසිම සද්දයක් ආවෙ නෑ.  බය වෙච්ච ජිමින් එක එක ඒවා කිය කිය ටේට කතා කළේ එයාගෙන් පිලිතුරක් වෙනකං.

   එතකොටයි ටේ කතා කළේ.

  '' මේ ජිමිනා...... මං උඹට පස්සෙ ගන්නම්. ''

එහෙම කිව්ව ටේ ජිමින්ගෙන් උත්තරයක් එන්නත් කලින් call එක cut කළේ මොනාද උනේ කියලා හිතා ගන්න බැරුව.

   ඉතිං හිමින් හිමින් car එකෙන් බැස්ස ටේ ඉස්සරහට ඇවිදන් ගියේ කව්ද කියලා බලන්න.

  එතකොටයි ටේ දැක්කෙ කොල්ලෙක් එයාගෙ car එකට හැප්පිලා බිම වැටිලා ඉන්නවා.

   එකපාරට කලබල උන ටේ ඉක්මනින් ඒ කොල්ලව උස්සගෙන car එකට දා ගත්තෙ hospital එකට එක්කන් යන්න.

  '' shit shit shit...............
     මං මොනාදකළේ.....
     pls sir මැරෙන්න නම් එපා , මේ කොල්ලට දැන්ම හිරේ යන්න බෑ දෙවියනේ...... තාම company එක භාර ගන්නත් කෙනෙක් නෑ..... ''

Show me love ( Complete ✅ )Where stories live. Discover now