14 💖

79 9 2
                                    


     දැන් ඉතිං කට්ටිය party එකේ කෑම එහෙම කාලා , එක එක්කෙනා කතා කර කර ඉන්නවා. නටන්න , සිංදු කියන්න ඉතිං එයාලා යන්නෙ නෑනෙ , මොකද මේක business party එකක් නෙ.

     jungkookට නම් දැන් හොදටම කම්මැලී. විනාඩි 45ක් තිස්සේ ඉදන් ටේගෙ පිටිපස්සට වෙලා එයා අනිත් අය එක්ක කියවන ඒවා අහන් ඉන්නවා. කියන දෙයක් තේරෙනව නම් තව කමක් නෑ , ඒකත් නෑ. ඒ මදිවට හිටගෙන ඉදලා කකුල් දෙකත් රිදෙනෝ.....

    jungkook විනාඩි 10න් 10ට ඇහුව ටේ මං ගිහිං ඉද ගන්නද කියලා , කොහෙද ඉතිං එදා වෙච්ච දේත් එක්ක ටේ එයාට කොහෙවත් තනියෙන් යන්න දෙන්නෙ නෑනේ.

     ඒ විතරක් නෙමෙයි කෑම වෙලාවෙන් පස්සෙ ජීමින්වත් හොයා ගන්න නෑ. කොහේ ගිහිල්ලද මන්දා.....

     '' හයියෝ......ටේ , මං යනවා අප්පා මගේ කකුල් දෙකත් දෙදරනවා හිටන් ඉදලා. ''

    '' ඉන්න ඉන්න එහෙනම්.
exuse me ''

      jungkookට තව ඉන්න බෑ කියල දන්න නිසාම ටේ , එතන ඉන්න අයගෙන් සමු අරන් jungkook එක්ක ඇවිත් ඉද ගත්තා.

     '' තව ටිකක් හිටගෙන හිටිය නම් මං මැරිලා වැටෙනවා. ''

     '' අනේ sorry මැණික , මාත් එක්ක තරහා නෑ නේද ''

    '' හරි හරි තරහා නෑ. ''

     එහෙම කියලා jungkook ටේට bunny smile එකක් දැම්මෙ ටේගෙ හිත අවුස්සලා. ඒත් ඉතිං අවාසනාවට වගේ එයාලා ඉන්නෙ party එකක නෙ. මොනා කරන්නද

     

     මේ අතරෙ ජීමින් නම් හිටියෙ ලොකු වැඩක. ඒ තමයි මීට විනාඩි 10 කට කලින් අතුරුදහන් උන යුන්ගිව හොයන එක.

    ජීමින POV

     කොහේ ගිහින්ද අප්ප මේ පූසා.......
මං දැන් කී වෙලේ ඉදන්ද හොයන්නෙ ,
මීට කලින් මෙහෙම මොකෙක්වත් මට සලකලා නෑ. යකෝ අපි line දානකන් බලන් ඉන්නේ , ඒත් මූ....... ආ.. නෑ නෑ මෙයා.......

Show me love ( Complete ✅ )Where stories live. Discover now