03 💖

116 13 0
                                    


    '' ඔහොම ඉදලා හරි යනවාද ටේ..... දැන් කාලෙත් හරි. ඔයාගෙම කියලා ජීවිතයක් පටන් ගත්තොත් නරකයි ද ''

   '' අනේ පපා........ මට company එකේ වැඩ ගොඩයි. අනිත් එක මට ඔය දේවල් වලට වෙලාවක් නෑ. ''

  '' යකෝ..... මුගෙ මාර කතානෙ තියෙන්නෙ. දැන ගනින් අපිත් උඹ වගේ හිතුව නම් අද company එක භාර දෙන්නවත් එකෙක් ඉන්නෙ නෑ!!!! ''

  '' අයියෝ..... pls පපා..... මට ඉන්න දෙන්න. ''

   '' හරි හරි හිටපන්කො ඔහොම , උඹ ඔහොම්මම නාකි වෙලා මැරිලා පලයං.... අනේ මගේ කට. ''

      jin කෑ ගහන්න පටන් ගත්තෙ ටේට එතනම වලක් කපන් වැලලෙන්න තරම් කලකිරීමක් හිතෙද්දි. පව් අනේ අර අසරණ නම්ජූන්. ඒ voice එක අහගෙන තාමත් ආදරෙන් ඒ කොල්ලා එක්ක ඉන්න එක ගැන සතුටු වෙන්න ඕනෙ.

   කොහොම හරි එයාගෙ පුතණ්ඩියට නම් ඒ කටහඩ එපා වෙලා තිබ්බෙ. වෙන හේතුවක් නිසා නෙමෙයි , call කළොත් කියන්නෙ කාත් එක්ක හරි යාලු වෙන්න කියලා විතරයි.

    jin කියලා ඉවර කරන්නත් කලින් ටේ call එක cut කරලා phone එක පැත්තකින් තිබ්බෙ මේසෙ උඩ තියෙන file එකකුත් අතට ගන්න ගමන්.
.
.
.
.
.
.
.
කොහොම හරි රෑ 8.00 වෙද්දි ටේ ගෙදර ආවා. ඒ ආවෙ නිකං නම් නෙමෙයි. ලොකු ඔළුවෙ කැක්කුමකුත් එක්ක.

  ගෙදර ආපු ටේ ඉක්මනින් wash එකක් දාන් සැහැල්ලු ඇඳුමක් ඇදන් පල්ලෙහාට ඇවිත් sofa එකෙන් ඉද ගත්තෙ ඔලුවත් අත ගා ගන්න ගමන්.

  '' අජුම්මා....... මට වතුර එකක් ගේන්නකෝ.... ''

   ටේ එහෙම කියලා වැඩි වෙලාවක් යන්නත් කලින් වතුර වීදුරුවක් එයාට දික් කළාම එයා ඒක බිව්වෙ ඔලුව වත් උස්සන්නෙ නැතුව.

Show me love ( Complete ✅ )Where stories live. Discover now