2 වන දිගහැරුම 📚❤️

125 16 2
                                    


ඇත්තටම අහස් ගෙ ඒ දරුණු වචන පිහිතුඩු වගේ ගිලා බැස්සේ නේත්‍රගෙ අහිංසක හදවත කෑළි සිය ගාණක කිතු කිතු වෙලා යනවා වගේ දැනෙද්දී..... ඇස් අගින් කදුළු බිංදු නොනැවතී එක දෙක වැටෙන්න ගත්තත් සත්තයි හරි අහිංසක හිනාවක් තාමත් ඒ තොල් අස්සේ තියාගෙන වියරුවෙන් කෑ ගහන අහස් දිහා හරි ආදරෙන් බලන් හිටියා....

" උඹ දන්නවද මං මගේ ජිවිතේ වෛර කරන දේවල් දෙකක් තියෙනවා එකක් ආදරේ කියන ඉලව්ව.... අනිත් එක උඹ වගේ උන්....මට අප්පරියයි බං....."

"අ... අහස්..."

" ඔව්... අහස් තමයි... ඇයි උඹට මොකද....උඹ දන්නවද මට දැනෙන විදිය...උඹව මං මේ අත් වලින් ඇල්ලුව එක්කත් මට අප්පරියයි බං....."

" අහස් උඹේ සීමාවේ ඉදපම් කට තිබ්බ පළියට කියවන්න එපා...මනුස්සයෙක් වගේ හිතපන් තිරිසනෙක් නොවි...."

" උඹ කවුද මට මනුස්ස කම ගැන උගන්නන්න....උඹ දන්නවද මං කවුද කියල..... අනිත් එක මනුස්ස කමින් හිතන්න තිබ්බා මිනිස්සු ගැන නැතුව...."

" අහස්...නවත්තපම්..."

👋💥

නිසල් කියලා බැරිම තැනම අහස්ගෙ කණට එකක් ගැහුවේ අන්තිම තප්පරේ වෙනකම්ම ඉවසලා...

" ඇයි මූට එක එක දේවල් කියද්දී උඹට රිදෙන්නෙ...උඹ මුගේ හොර මිනිහාද..."

" උඹට මම..."

පැලිච්ච තොලෙන් එන ලේ පිට අල්ලෙන් පිහිදාන ගමන් අහස් කිව්වේ නිසල්ව ආයෙත් අවුස්සන ගමන්.... ආයෙත් අහස්ගෙ ඇගට පැනපු නිසල්ව නේත්‍ර ඇදලා ගත්තේ නිසල්ට තරහා ගියාම මොන වගේ ද කියලා නේත්‍ර දන්න නිසාම....

අහස්ව නැගිට්ටව ගත්තු සාරා අහස්ව ඇදගෙන එතනින් යන්න ගියේ... තවත් ප්‍රශ්නෙ දුර දිග ඇදෙන්න හොද නැහැ කියලා හිතුන නිසා.....ඒකට නම් නේත්‍ර දස දහස් වාරයක් හිතන් සාරාට පිං දුන්නා...

" නේත්‍ර..."

" ම්ම්ම්...."

" අවුලෙන් ඉන්න එපා බං රත්තරනේ...."

" උඹට මාව අප්පරිය නැද්ද විසල්... අහස්ට වගේ..."

" මොනාද... බං මේ උඹ කියවන්නේ....උඹ මගේ පණ වගේ බං....උඹට අමතක උනාද මට මේලෝකෙ ඉන්න එකම නෑයා උඹ බව.. එහෙව් එකේ මට කොහෙ අප්පිරිය වෙන්න ද බං උඹ....මේ ලෝකේ කාට කොහොම උඹව එපා උනත් සත්තයි උඹට මං ඉන්නවා බං...."

" පසු වදන"Where stories live. Discover now