4 වන දිගහැරුම 📚 ❤️

93 16 2
                                    

සේවිකාව නේත්‍රට පහළට එන ලෙස දැන් වූ පසු ඇය පිටව ගියේ ඇයට පැවරි ඇති අනෙක් රාජකාරින් සදහායි....

නාන කාමරයට ගිය නේත්‍ර පිරිසිදුවී රාත්‍රි අහාරය සදහා පහළට ගියේ ආදරණීය නැනි අම්මාගේ හිත රිදවීමට අකමැති නිසා මිස ඔහුගේ පියාගෙත් කුඩම්මාගෙත් මුහුණ බැලිමට කැමැත්තකින් නොව...

පියාට දකුණු පසුන් හා කුඩම්මා ඉදිරියෙන් පිහිටි නේත්‍රට වෙන් වූ පුටුවේ ඉදගැනම පවා නේත්‍රගෙ හිතට මහත් අපහසුවක් විය....

" සුදු පුතා... කැම්පස් එකේ වැඩ කොහොමද.... හැමදේම හොදින් නේද...."

පිය පුතු අතර පැවති නිහඩ තාවය බිදිමින් හඩ අවදි කලේ නේත්‍රගෙ කුඩම්මා වුණු නර්මධාය....

ඇය දෙස ඇස් රෝල් කරමින් බැළු නේත්‍ර නැවතත් තම අවදානය තම පිගාන වෙත දුන්නේ කිසි දෙයක් නොඇසුනු ගාණට...

" නේත්‍ර අම්මා දෙයක් ඔයාගෙන් ඇහුවා...."

මෙවර පැවසුවේ නේත්‍රගෙ පියාය පියා දෙසත් කලකිරුණු බැල්ම කින් බැළු නේත්‍ර ශනික නැගි සිටියේ කෑම මේසෙන් ඉවත්ව යාමටයි.....

" නේත්‍ර..."

තාත්තා නේත්‍රගෙ නම කියලා කෑ ගැහුවත් නේත්‍ර ගානකටවත් නොගෙන කෑම මේසෙන් නැගිට්ටා...

" නේත්‍ර පුතේ තාත්තා ඔයාට කතා කරා...ඔහොම ඉන්න එපා මගේ දරුවෝ හිතට හරි වේදනයි..."

" වේදනයි.... මොකක්ද තමුසෙට තියෙන වේදනාව ඒකත් මේ මං ගැන.... please හිනා යන විහිළු කරන්න එපා කුඩම්මේ..."

" නේත්‍ර....කටවහපම් උඹ අම්මාට තව එක වචනයක් හරි කිව්වොත් උඹ මගෙන් කනවා දැන ගනින්..."

" අම්මා... කවුද... කවුද අම්මා කුඩ්ම්මා කියන්නේ කුඩ්ම්මා... කුඩම්මෙක්ට බැහැ කවදාවත් අම්මෙක් වෙන්න..."

" අනේ මගේ රත්තරං පුතේ ඔහොම කියන්න එපා වස්තූවේ...උඹව වැදුවේ නැති බව ඇත්ත... ඒත් මගේ කුසෙන් වදාපු දරුවෙක් ගාණට මං උඹට හරි ආදරෙයි මගේ රත්තරං පුතේ...."

" ආදරේ...ඔය ආදරේ මීට අවුරුදු ගාණකට කලින් කොහෙද තිබුනේ... අවුරුදු 18.... වෙනකම් මං හැදුනෙ හොස්ටල් වල.... එතකොට ඔය ආදරේ කොහෙද තිබුනේ තමුසේ ඒ කාලේ තාත්තා එක්ක කැනඩාවලට වෙලා නටපු නාඩගම් මං දන් නෑ කියලා ද හිතේ.... අනිත් පැත්තෙන් සහෝදරයා කියන එකයි නමට හරි මාව වදපු මගේ අම්මයි තමුසෙලා කාටවත් මං ජිවත් උනත් මැරුණත් එකෙන් කිසිම වැඩක් නෑ....."

" අනේ මගේ දරුවෝ එක විනාඩියක්...."

නර්මදාටත් නේත්‍රගෙ පියා වුණු විරේන්ටත් ගස්සගෙනම උඩත්තටුවේ තමන්ගෙ කාමරයට ගියාපු නේත්‍ර මහා හයියෙන් කාඹරේ දොර වහලා දැම්මෙ හිතේ තිබුණු තරහාට වඩා දුකට...

මොකක් දෝ කියා ගන්න බැරි තරම් වේදනාවක් පපුව මැද්දේ දැනුනේ කොල්ලාට හුස්ම ගන්නත් අමාරු කරලා....පපුව අතින් මිරිකගෙනම අමාරුවෙන් කබඩ් එකෙ ලාච්චුව ඇරලා දුඹුරු පාටට හුරු පුංචි බෝතලෙන් රෝස පාට පෙත්තක් අතට ගත්තු නේත්‍ර එක හුස්මට කටට දා ගත්තේ දිග හුස්මක් අදින ගමන්....

____________________________________________________

චුට්ටයි හැබැයි 🙂😪👍

" පසු වදන"Where stories live. Discover now