2nd Chapter

55 8 5
                                    


පට්ටම මහන්සි. ඒ වගේම Fresh. Volleyball Practice වලින් පස්සෙ මම මගේ පන්තිය 12 Commerce - E එකට මම ආවා. වෙලාව හතයි කාලයි. මුළු පන්තියම අමු අපාය වගේ. ඇයි ඉතින් මුන්ගේ සද්දේ. ඔන්න මිනෝලයා නම් ඩෙස් එකට තට්ටුවක් දාදා සිංදු කෑල්ලක් කියනවා. ඌට බැන බැන දුලංජ යා, මිනෝලයා ගේ ගෙදර වැඩ ටික කරනවා.

මම ඉතින් මගේ තැනට ඇවිත් වාඩි වුනා.

" ඔබ ඇපල් මලක් වාගේ.
ලස්සන වසන්ත කාලේ. "

මිනෝලයා මගේ ඇඟේ වැදි වැදි සිංදු කියන්න ගත්තා. මට ඉතිං මල යකා නගිනවා. ඇයි අප්පා මහන්සියෙන් ආවාම මූ මට ආතල් දෙනවා.

" පලයං හු## එහාට. ඇඟේ ගෑවෙන්නේ. "

" ඔව් ඔව්. උඹට වාසියක් කරන මට තමා උඹ ඔහොම කියන්නේ? "

උගේ වාසි මන් දන්නෙ නැද්ද? මොනාහරි අටමගලයක ට මාව පාවා දීලා ඇති.

" අනේ පල"

" මේ කෑල්ල ගේ යාළුවා උඹට කැමති ලු. "

ඔය මං කිව්වේ. අටමගලයක් නෙවෙ උරචක්කර මාලාවක්.

" උඹේ මොන කෑල්ලගෙද? "

" සුදු මැණිකේ බං"

අපෝ. මූ මට සෙට් කරලා තියෙන්නේ තාම සිඟිති මානසිකත්වය තියෙන එකියක් නේ.

" අපෝ එපා. "

" අනේ බං. එක පාරක් හම්බෙයන්. නැත්නම් සුදු මැණික තරහාවෙයි බං. "

....... " ඒකට මොකො උඹට අනිත් උඩරට මැණිකෙලා, පහතරට මැණිකෙලා ඉන්නේ. "

වැඩක් කර කර හිටපු දුලංජ ද අපේ කතාවට එක් විය. හැබැයි ඒ කතාවට මට හිනා ගියා. සිරා කතාවක් කිව්වේ.

" බෑ බං. ඒකි තරහා වුනොත් යාළු කරගන්න පර්ස් එක හොල්ලන්න ම වෙනවා. "

අපෝ මූ මහා කුණු ලෝබයෙක් නේ. මූටම සෙට් වෙන සුදු මැණික හැබැයි.

හැබැයි ඉතින් පාසල් ප්‍රේමයට ජීවිතේට සහභාගි නොවුන මට එක පාරක් හරි ට්‍රයි කරන්න ආසාවක් තිබ්බා. මොකද කරන්නෙ??? ඔන්න ඔහේ සෙට් කරගෙන බලනවා.

...... " Good morning Everyone"

ආගම සිහිකරාට පස්සේ අපේ clz teacher ආවේ තවත් ආගන්තුකයෙක් එක්ක.

ආරාධනා දෑස් 💕Where stories live. Discover now