5th Chapter

41 9 5
                                    

.......... මැච් ඉවරයි. ආතල් ඉවරයි. 2nd Term exam එකට ලෑස්ති වෙන්න එපැයි. පාඩම් වැඩ ගොඩගැහිලා. කොහෙන් පටන්ගන්නද තේරේන්නේ නැහැ. පතරංග ජාතකය වගේ. ඒ මදිවට පැය හයක් ස්කොලේ ඉන්නත් එපැයි.

දැන් වෙලාව පාන්දර හතරයි. පාඩම් කරන්න නැගිට්ටා වුනාට, පට්ට කම්මැලි. මම ඉතින් පොත දිහා බලාගෙනම හිටියා.

ඔහොම පැය දෙකක් විතර ගියා. විනාඩි හතළිස් පහක් විතර පාඩම් කළා. කමක් නැහැ අද ඉදලා සතියනේ. ඊට පස්සේ නිවාඩු. ගැම්මෙන් ඉන්න ඕනෙ.

හොඳ වොෂ් එකක් දාලා breakfast එකත් අරගෙන අදත් උදේම මම ස්කූල් එකට ගියා. ඔන්න ඉතින් අද දේශාන් උදේම ස්කූල් ඇවිල්ලා පාඩම් කරනවා. මූට නින්ද යන්නේ නැද්ද අප්පා. සතියක් ආවේත් නැහැ මේකා

" අහ් good morning අකිඳු. ".

" Very very GM"

මම මගේ බෑග් එක ඩෙස් එකෙන් තියලා පුටුවේ ඉදගත්තා.

" මොකද මේ දවස් ටිකේ ආවේ නැත්තේ ? "

" මට ටිකක් අසනීප වුනා. "

" ආ! ඒ මොකද? "

" උණ හැදුනා"

" ම්ම්. නෝට් ලියාගත්තාද? "

" නැහැ. "

" ඉන්න එහෙනම්"
මම මගේ පොත් ටික එයාට දුන්නා. කොල්ලට සතියක නෝට් තියනවා ලියන්න. මේකගේ දකුණු අතට අබ සරණයි. මම එයාගෙන් ඇහුවා ඔක්කොම තනියම ලියන්න පුළුවන් ද කියලා. එයා පුළුවන් කිව්වෙත් නැහැ බැහැ කිව්වෙත් නැහැ. මූණ මලවගෙන ඔලුව වැනුවා. පස්සේ මම ම ඇහුවා නෝට් ටිකක් ලියලා දෙන්නද? කියලා. එතකොට නම් හිනාවෙලා ඔලුව හෙලෙව්වා.

මමත් ඉතිං එයාට උදව් කළා.

....... " අම්මට උඩු. අර බලපංකො අකිඳු වා නෝට් ලියනවා. "

හුටා. අදත් මිනෝල යා ගේ ඇනුම් බැනුම් මැද දවස ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නේ.

" නැහැ බං. මෙයා අසනීප වෙලා ඉදලා තියෙන්නේ. ඒ නිසා හෙල්ප් කරන්නේ. ".

" අහ්. කට කට. උඹගෙන් මම දැන් ඇහුවද? "

මට කට උත්තර නැහැ හැබැයි.

" උඹ, මෙච්චර කල් උඹ එක්ක හිටපු අපිට නෝට් එකක් තියා මැල්ලුමක්වත් මලවලා නැහැ. ඒත් මේ දේශානයට ලියනවා. "

ආරාධනා දෑස් 💕حيث تعيش القصص. اكتشف الآن