3rd Chapter

48 9 3
                                    

.... " අනේ යකෝ.. මොන අටමගලයක් ද ? ඒ "

" උඹට ලව් කරලා පුරුදු නැහැ බං. ඒකයි. "

" මම මෙච්චර කල් හොඳට හිටියා බං.

..... " උඹටත් හොඳම වැඩේ. පාළුව මකා ගන්න සොඳුරියෝ හොයන්න ගියාට. "

ඒ දුලාංජ.

මලිශා එක්ක යාලු වෙලා දැනට මාසයයි. මට යාළු වෙනවා කියන එක සංසාරේම එපා කළා. යාළු වෙලා සතියක් යද්දි හරිම අහිංසක විදියට හිටියා. පස්සේ ඒකිට මොන්ටිසෝරි බබෙක් වැහිලා. කතා කරන්නේ හරිම අජපල් විදියට. ඒකි මගේ ඒන්ජල් බේබිලු. මම ඒකිගේ චූටි තාත්ති ලු. මට හෙනම විකාරයක්.

මේවා ඔක්කොම මිනෝල් ගොබිලා ගේ වැරදි. සයිබිරියානු හිවල් ලොන්තයා.

... First period bell එකත් ගැහුවා. මුලින්ම තිබුණේ English. ඒකත් period දෙකක්. අර මලසමයම එක්ක ඊයේ රෑ එළි වෙනකං කියව කියව ඉදලා මට පුදුම නිදිමතක් එන්නේ. ඊටවඩා එහා පැත්තේ ඉන්න ඉතියෝපියන් කැරපොත්තා. පොතත් ගිලලා ටීචවත් ගිලින සයිස් එකට ඉන්නේ.

අමාරුවෙන් ඉන්ටවල් එක එනකං ඇස් දෙක ඇරගෙන හිටියා. අයියෝ මේවට කියන්නේ විහින් දාගන්න කරුම කියලා. මිනෝලයා කොහොම කෑලි පහක් රන් කරනවද මන්ද?

අවසානයේ B.S period එකේ නම් මම සර් ගේ පොතෙන් ඔලුවට කෑවා. මගේ නින්ද දෙපිටින් ගියා. පස්සේ එයාගේ මහා දේශනයෙන් පස්සේ ස්කූල් ඉවරයි කියන බෙල් එක වැදුනා.

ගෙදර ආපු පිම්මටම කෑවෙත් නැහැ , නෑවෙත් නැහැ සපත්තු ගලවලා ඇදට පැන්නා. නිදාගත්තා.

පැයක් විතර හොඳට නිදාගත්තා. පුදුම සනීපයක් දැනුනේ. ඒත් ඉතින් මගේ සැනසීම නැතිවුනේ අර මල හෝන්තුවගේ මිස් කෝල් තුන දැක්කට පස්සේ. මේකට කෝල් කරනවට වඩා හොඳයි මැරෙනවා.

නාලා, තේ කක් බිබි ම මම මලිශා ට කෝල් කලා. ඔන්න පටන් ගත්තා.

" චූටි තාත්ති. මම ඔයා එක්ක තලහයි. "

අම්මෝ සදහටම තරහයි නම් ලොකු දෙයක්.

" ඇයි ඒන්ජල් බේබි "
ඒන්ජල් නෙවෙයි මේකි යැකින්නි.

" ඔයා මට කෝල් කලෙත් නැහැනි. මම ඔයා එක්ක තලහයි. "
හයියෝ මල වාතයක්.

ආරාධනා දෑස් 💕Where stories live. Discover now