දෙවන හේෂාවරය ❯❯

55 9 8
                                    

.

.

.

.

කහපාටට ඉර අපිට මුහුණ ලා තියෙන කන්දෙන් ලාවට උඩට ඇවිත්. අත්වැට දිගේ ගිහින් තිබ්බ මල් වැලේ සුදු පාටින් චූටි චූටි මල් පිපෙන්න අරන්. මීදුමත් දැන් අඩු වේගෙන පහල තැන්න ලස්සනට පේනව.
කලින් ඇහුන් නැති කුරුලු සද්දත් දැන් දැන් ඇහෙන්න අරන්.

යුගාන් මාත් එක්ක තාමත් මෙතන. ඌ වැඩිය කතා කරේ නම් නෑ. ටිකක් සයිලන්ට් කෙනෙක් උනත් මන් අහපු දේවල් වලට උත්තර දුන්න යස අගේට..
මිනිහට තියෙන්නෙ අමුතු බැල්මක්. මාමගෙ වගේ අමුතු හැන්ඩ්සම් සීතල පෙනුමක් ඌට තියෙන්නෙ..

යුවාන් නම් කච කචයක්. ඒක ඊයෙ තේරුනා.. ඒත් උගෙත් අමුතු බැල්මක් යුගාන්ට වගේ තියේ. යුගාන්ට තරම් සීතල පෙනුමක් නම් නෑ.. ඌ නැන්දා වගේ. අහින්සකයි කියල හිතෙනව දැක්කම.

යුගාන්ට රේස් ප්‍රැක්ටිස් නැති දවසට යුවාන් උදේ කෑම වෙලාවට වගේලු නැගිටින්නෙ. ජොබ් කරන්නෑ මුන් දෙන්නත් මන් වගේ.. රේස් පදින්නෙත් ආසාවටලු.. රේස් වලට ගියත් යුවාන් කරන්නෙ යුගාන් එනකන් කෙල්ලො ටෝක් කරනවලු.. ඌ යුගාන් එක්ක යන්නෙම ඒකලු.. මුන් දෙන්නම උසස් පෙළ පාස් වෙලා කැම්පස් යන්න සිලෙක්ට් වෙලා තිබ්බ උනත් කැම්පස් යන්නෑලු. නැන්දත් එපා කියල. කොහොමත් කැම්පස් යන්න කම්මැලියිලු..

ඔය යුගාන් මට කියපුව තමා ඉතින්. තව කල් ඉන්නවනෙ මුන් ගැන හොදහැටි දැනගතෑකි. හදිස්සි වෙන්න ඕනි නෑහ්... ඒ එක්කම මතක් උනේ උදේ දැක්ක කොල්ලව. යුගාන්ගෙන් ඇහුවොත් ඌ දන්නව ඇති..

යුගා~"

යුගාන්... යුගාන්..."

මන් කතාකරන්න ගියත් සීයා ආතා යුගාන්ට කතා කරානෙ... මන් මොකක් හරි දැනගන්න හරි කතා කරන්න හරි ගියොත් තමා ඔක්කොටම කැසිල්ලක් එන්නෙ...
එපා වෙනව..

යුගාන් ගියාට පස්සෙ මන් තව ටිකක් වෙලා ඉදලා ගේ ඇතුලට යන්න ගියා. ඒ එක්කම ඇස්වලට අහුවුනේ පුංචි හාපැටවු දෙන්නෙක් එක්ක හිටපු ටිකක් ලොකු හාවෙක්.ළගට යන්න හදලත් ආයෙ හැරුනෙ ඒ අහින්සකයින්ව බය කරල උන් විදින නිදහස නැති කරන්න ඕනෙ නැති නිසා..

 HESHAWARA║ⁿᵒⁿᶠⁱᶜ Onde as histórias ganham vida. Descobre agora