තුන්වන හේෂාවරය ❯❯

46 9 10
                                    

.
.
.

හවස හය පහුවෙලා. සීතල සුලං ඇගේ වැදි වැදි අපිව පහුකරන් යනව. හිරිගඩු පිපිල. ඒ මදිවට බොරලුපාරක් දිගේ බයික් එක උඩ පහල යනව. යුගාන් පුරුදුකාරයෙක් වගේ බයික් එක ඇරන් යනව. කෝමත් ඉතින් පුරුදු කාරයනෙ.

යුගාන්ට හදිස්සියෙ ගමනක් යන්න තියෙනව කිව්ව. ඒ නිසා මාත් එයා එක්ක ගියා ආසාවට. හුළං කපාගෙන මාවත් එක්කන් ගියෙ එයාගෙ ක්ලබ් එකට. Blue night club..

යුගාන් වගේම තවත් බයික් රයිඩස් ල එතන හිටිය. මේ සම්බන්ධව මුකුත්ම නොදන්න මට උනත් ආසාවක් ඇති වෙන්න මේ තත්පරෙත් ඇති උනා. ඒ තරම් මේ තැන පර්ෆෙක්ට්. යුගාන් තව කීපදෙනෙක් එක්ක තාකර කර ඉදල මන් ගාවට ආව.. ඒ ආවෙත් තව කොල්ලෙක් එක්ක.

කේශ් මේ ඉන්නෙ සදෙව්.. මගෙ බාප්පගෙ පුතා. එතකොට සදෙව්.. මේ මගෙ හොදම යාලුව කේශාන්, කේශ්..."

Hi Sadew.. Nice to meet you man.."

Oh..Nice to meet you too Keshan.."

යුගාන් ඒ කොල්ලට මාව ඉන්ට්‍රඩියුස් කරද්දි එයා එයා දාන් හිටපු හෙල්මට් එක ගලවල මට අත දුන්න.. එයා කඩවසම්. එයාට මට වඩා හොදට මේන්ටේන් කරපු ඇගක් තියෙනව කියල කියන්න පුලුවන්.. කෙශාන් ට තිබ්බෙ කොල කහ මික්ස් උන ඇස් දෙකක්. ඒක හරි අමුතුයි.

ටික වෙලාවක් කතා කර කර ඉදල යුගාන් එතන කෝච් කෙනෙක් එක්කත් කතා කරන්න ගියේ මාවයි කෙශාන් වයි එතන තනි කරල.

උගෙ ඇස් යුගාන් දිහාම බලන් ඉදියා. ඇයි කියන්න දන්නෑ.. ඒත් යුගාන් කේශ් එක්ක ඉද්දි වෙනස්. එයා කේශ් එක්ක හුරතල් වෙන්න හදනව වගේ. සමහර විට එයාල හොදම යාලුවො නිසා වෙන්නැති. මාත් රිකී එක්කත් සමහර වෙලාවල් වල හුරතල් වෙනවනෙ. ඒත් කෙශාන්ගෙ ඇස්වල මොකක්දෝ අමුතුම හැගීමක් ලියවිලා තිබුනා.

කේශ් ... මන් එහෙම කියන්නම් නේද?..."

මන් ඇහුවෙ එයාගෙ ඇස් මගේ පැත්තට හරවගන්න. මෙච්චර වෙලාවක් යුගාන් දිහා බලා ඉන්නකොට ඒ ඇස්වල තිබුණ හැගීම් වෙනුවට නිකම්ම නිකන් කහ කොල ඇස් දෙකක් මගේ දිහා බලන්. ඒත් ඒ වගේ මන් යුගාන්ගෙන් දැක්කෙ නෑ. එයා අපි එක්ක ඉන්නකොට වගේමයි කේශ් එක්ක ඉන්න කොටත්,එයාගෙ ඇස්වත් හැසිරීමෙවත් වෙනසක් නෑ..

 HESHAWARA║ⁿᵒⁿᶠⁱᶜ Where stories live. Discover now