හතරවන හේෂාවරය ❯❯

36 6 11
                                    


.
.
.

තවම උදේ මීදුම් ගතිය හොදටම ඇරිල නැති නිසාදෝ ලාවට සීතලක් තියේ. දහයටත් කිට්ටු කරල ඒ උනාට. අපි හතර දෙනා ඔහේ යනව. මට පුරුදුත් නෑ මේ අශ්වයො පිටේ ගිහින්. ඔහේ කිව්වට යුවාන් ආදි දෙන්න නම් කියවනව ඉවරයක් නෑ.

මන් තෝන් ලණුව ඔහේ හරව හරව ඉන්නව. හොද වෙලාවට කාල අනිත් තුන් දෙනා පස්සෙන් ගානට යන්නෙ. නැත්තන් මන් කොහේ ගිහින් අතරමන් වෙලාද දන්නෑ.

පැයකට විතර පස්සෙ අපි හිටියෙ දිය ඇල්ලක් ගාව. ඒක හරි ලස්සනට ගලන් යනව කොච්චර ගල් පර තිබුන. ඒ ගල් වල හැපෙද්දි උනත් එන්නෙ අපූරු ලස්සනක්.
කෝහොමත් ගගක් කියන්නෙ ජීවිතේට හොදම උදාහරණයක් නේ. ඉතින් ලස්සනයි.

යුගාන් කිව්ව මෙතන ටිකක් වෙලා ඉමු කියල නිදහසේ. ඔව් මෙතන ඇත්තටම නිදහස්. යුවානුයි ආදි දෙන්නා ගල් පතුරක් උඩින් ඉදගෙන කකුල් දෙක වතුරට ඔබා ගත්තා.
යුගානය අශ්වයො ටික එක්ක ගියා තණ කොල තියෙන තැනක් බලල.

මන් දිය ඇල්ල දිහා බලාන් හිටියා. ගග දිගට ගලන් ඇවිත් වේගෙන් පහලට කඩන් වැටෙනව එක පෙළට. දිය පාර පහල වලට කඩන් හැලෙන සද්දෙත් එක්ක පොඩ්ඩක්වත් පරිසරේ නිශ්ශබ්ද නෑ. මැද හරියෙ තියෙන ගල් වල හැපි හැපී සුදු පාටට බේරෙන බුබුලු වතුරෙම පුපුරල යනව මන් බලාගෙන. ආයෙමත් ගල් වල හැපි හැපී පහලටම ගලන් යනව.

ඉවුර දෙපැත්තෙම මොනාදෝ සුදුපාටට මල් පේළියට හැදිල. ඒක තාරුකා මල් වලම සුදු පාට එක.පුංචි මල් වල නම නොදන්නව උනත් ඒක මේ තැන ගොඩාක් ලස්සන කරනව එයාලට පුලුවන් තරම්. උසට හැදුනු එක එක වර්ගේ ගස් ජාති නිසා ඉවුර දෙපැත්තට හරි හෙවණයි. සනීපයි.

ආදිත්‍ය යුවාන් එක්ක මොනාදෝ කියවන්න ඇරන් තිබුන මන් ඒ ගල්පොත්ත දිහාට ඔලුව හරවද්දි . මෙතනට එයාල කියන දේවල් ඇහෙන් නැති උනත් බොහොම රසවත් කතා බහක් වෙන්න ඕනි.මොකද එච්චරට එයා සතුටින් යුවාන් එක්ක කතා කරන්නෙ.

මන් පොඩි ගල් පොත්තක් අරන් වතුරට ගැහුව. ඒක තුන් හතර පාරක් වතුර උඩ වැදි වැදී ගිහින් ගිලිලම ගියා.. ඒ එක්කම තව ගල් පොත්තක් ඒ වතුර දිගේ පස් පාරක් වැදීගෙන ගියා. ඒ යුගානය. මගෙ පිටිපස්සෙ ඉදන් තව ගල් පොත්තක් යැවුවත් ඒක එක පාරක් විතරයි ඒ විදිහට උනේ. ඒක ගිලිලම ගියා.

 HESHAWARA║ⁿᵒⁿᶠⁱᶜ Where stories live. Discover now