වැහිකෝඩ 02

502 69 108
                                    

#දෙවෙනි_කොටස 💜️

අම්මා මට බැනලා බැනලා යන්නෙ මාව අල්ලගන්න බැරි වුණාම..මට විසිදෙකක් උනත් අම්මට නං මාව තාම පොඩි එකෙක් වගේ..වෙලාවකට මට හිතෙනවා..ගෙදර ඉන්න එකාට වඩා මාව තමයි පරිස්සන් කරන්නෙ කියලා..ඒත් ගෙදරට ගියහම ඔය මුකුත් නෑ..කාපන් කියලා අතට බත් එකත් බෙදල ගෙනත් දෙනවා..එහෙමයි අපෙ අම්මා...

වැල්ල තද දුඹුරු පාටට හුරු තඹ පාටක් වෙලා..කොළඹ පහේ පෝසත් ගැණු මිනිස්සු මේ වෙලාවට එන්නෙ වැල්ලට හිත නිවාගන්ඩලු...එක ගෑණියක් බල්ලෙකුත් බැඳගෙන ඇවිත් බල්ලා එක්ක වැල්ලේ සංචාරෙ කරනවා..අම්මා මූණ්ට මුණ් ගැහෙන එවුන් එක්ක බොරේට හිනාවෙනවා හිනා නොවී ඉන්ඩ බැරි හින්දම....

මං අම්මා ගියායින් පස්සෙ ගෙදෙට්ට ගියා..රීප්ප පටි අල්ලපු ගෙදෙට්ට ඔරේන්ජ් තැඹිලි පාට බල්බෙ ගෙනාවේ කලුවරකමක්..අඳුරක්..අපේ ගෙව්ල් වල මේ තියෙන දූවිලි කලුවර කොඩිවින වලට මෙව්වත් හවුල් ඇති...අප්පච්චි නම් ඒ වෙද්දිත් ගෙදෙට්ට ඇවිත් හිටියෙ නෑ..වැල්ලෙ ඉඳලා ගෙදෙට්ට ආවම මට කාලකණ්නි හැඟිමක් එක්ක මූසලකමක් දැනුණා...ඇයි අර කොල්ලො බුරුත්ත එක්ක ඉඳලා ඉඳලා ඒ කන්දොස්කිරියාවට පුරුදු වෙලා මේ ගෙදෙට්ට ආවම මහ මිනිහගෙ කුණුහරප ටික ඇරෙන්ඩ වෙන කුටු කුටු ගාන සද්දයක් විතරයි තියෙන්නෙ..මං පොඩි එකා බලන්න  කාඹරේට ගියෙ ඌව පොඩ්ඩක් අවුස්සලා ගන්ඩ..පොඩි එකා කිව්වට දැන් උට වයස දහ අටක් වෙනවා..මං යනකොටත් ඌ පොත අස්සෙ පෝන් එක තියාගෙන ඒක කොට කොට ඉන්නවා...

"ඉඳපන්කො...මං අම්මට කියන්ඩ උඹ පාඩම් කරනවයි කියලා කරන වැඩ..."

මං අරූගෙ ඔලුවට ටොස් ගාලා එකක් ගැහුවා..

"ඌ..හ්..හු*ත් ගහන්නෙ රෙද්දටද...ඉතින් ගිහින් කියපන් ගිහින්..මට පුකද.." ?

"මූ බලපන්කො...පොඩි ප*කයගෙ කටේ සද්දෙ...කියනවා තමයි ඉඳපන්කො..උඹ සිකරට් ගහපූවා හෙමත් ඔක්කොම.."

"බලු වැඩ කරන්නෙපා ඕයි..තමුසෙත් සිකරට් බොන්නෙ..එදා අරූ දුන්නු පළියට මං ආසාවට අතට ගත්තා මිසක් බිව්ව රෙද්දක් නෑ..."

"අතට ගත්තත් එකයි..කටට ගත්තත් එකයි...උඹට මාව තම්බන්න නම් බෑ බන්..ඉඳපම්කො කියනකම්.."

#වැහිකෝඩ..................Where stories live. Discover now