වැහිකෝඩ 18

206 27 2
                                    

#දහඅටවෙනි_කොටස 💜️

"ආ බන් වතුරෙක බීපන්කො..."

මං වතුරෙක දීලා චූටිට කතා කරන්න කාමරේට ගියේ..

"ඒයි අර රෙදි ටික අනික් පැත්තට දාපන් පොඩ්ඩක්.."

"ඒ දානවකො..අර මොකෙද්ද ඇවිත් ඉන්නෙ මට යන්ඩ බෑ.."

"කන් පලාගන් නැතුව කිව්වෙක කරපන්.."

මං අරූට රවලා එළියට ඇවිත් දීප්තයා ළඟින් ඉඳගත්තා..

"දීප්ත යමන් එළියට රශ්නෙ වැඩි නන්.."

"ඕන්නෑ බන්..මෙහෙම හොඳයි..ඇයි එළියට ගියා කියලා සිහිල් පවන් ළෙලදෙනවද..."

"ළෙලදෙනවා මං උඹට කියන්නෙ නෑ ළෙලදෙනවා මේ ඒක නෙවෙ හවසට වොලිබෝල් පාරක් ගහමුනේ.."

"අනිවා හොඳෙ..සෙල්ලමක් දාමු..ඒකල්ලා නාලා වටයක් එහෙම ගහමු.."

"හැබැයි බන් පහ වෙද්දිවත් යන්ඩ ඕනි.."

"චහ්..පලයන් යකො හයට වගේ..ඔච්චර මොකද යකො හදිස්සිය..උඹ නිකන් මේ හැමදාම එනේක වගේ කතාව..අහගන්ඩෙපා මගෙන්..ඇවිදින්න තැන් ගොඩක් තියෙ..වැල්ලෙ කැලේටත් යමන්.."

"ඒ කොහෙද..." ?

"පොඩි දූපතක්..දූපතක් කියන්ඩත් බෑ..බැරිත් නෑ ඒ වගේ..පරණම ගෙයක් එහෙම තියෙනවා..ඒකෙ වයසක බුඩියෙක් ඉන්නෙ..මිනිහා නම් නෑ  මැරිලා සුනාමියට අහුවෙලා..ඒ මිනිහා ඉස්සර රස්සාව කරෙ නැව් එළවපු එකලු..ඕකෙ එකේක කතා තියෙනවා පැතිරිලා..ඒ ගෑනි කැමති නෑ කවුරුත් එනවට..ගම්මු කියන්නෙ මොනා හරි දෙයක් තියෙනවා කියලා හංගන්..ඕකිගෙ හුස්ම පොද යනකන් ඔක්කොම ඉන්නෙ ඕවා හාරවුස්සන්ඩ..යමන් ඈ..පොඩි එකත් එයි..ඒකෙ ඔය කැලෑ පළතුරු හෙම තියෙ..අඹ,පේර එහෙම නාරං එහෙමත් තියෙනවා අනිවා යමන්..අපි ඉස්සර සතියකට දෙකෙකට සැරයක් හැමදාම වගේ අනිවා යනවා..මේ සැරෙ උන්නෙ උඹත් එක්කලම යන්ඩ.."

"ඔහොම කියද්දි යන්නත් ආසයි..යමන් හෙනම්..හැබැයි බන් ඔය කියපු බුඩී වෙනුවට කෑල්ලක් වගේ හිටියනම් තනියම ඉන්නෙක පව්නෙ මාස නවයකින් දෙන්නෙක් තුන්දෙනෙක් කරලා එන්ඩ තිබ්බා.."

"නෙද්දකිම්..උඹ නම්..යකො..හැබැයි උඹට ඒ නාකිච්චිත් හොඳයි.."

"අනෙ උඹ හුකහන්.."

#වැහිකෝඩ..................Where stories live. Discover now