වැහිකෝඩ 13

220 31 11
                                    

#දහතුන්වෙනි_කොටස 💜️

මං උදෙන්ම නැගිටලා දැලත් ගාණට සෙට් කරා..ඒකනම් තනියම කරගන්ඩ පුළුවන් වුණා අවුලක් නැතුව...චූටිව පොඩ්ඩක් ගෙන්න ගත්තා දැල ඇදවෙයිද කියලා බලන්න..ඌ ඒක බලනවා කෙසේවෙතත් උට කඩි කුලප්පුව සෙල්ලම් කරන්ඩ..අම්මපා මෙහෙමත් එකෙක්..

"මේ පලයන්..පලයන්..නැ මේක තනියම කරගන්නම්. උඹ මෙතන රෙද්දක් කරනවනෙ..පලයන් ඈතට ගිහින් බලපන් මේ දකුණුපැත්තෙන් ඇදද කියලා.."

"ඒ බන් හුත්ත..තව පලයන් පිටිපස්සට..ඔහොම ළඟ ඉඳන් බැලුවට ඇද පේනෙකක්යෑ..අන්න හරි..ඔහොම ඉඳලා කියපන්..දැන් අවුලක් නැද්ද.." ?

"පොඩ්ඩක් පහත් කරනවා..උස වැඩි දකුණෙන්.."

"ආ..දැන්.."

"තව පහළට.."

"දැන් හරිද.."

"අහ්..හරි හරි..ඔය ගාණින් තියන්ඩ.."

මං දැලත් සෙට් කරලා පොඩ්ඩක් හන්දියට ගිහින් එන්ඩ ගියේ කම්මැලිකමට..නිවාඩු දාලා ඉන්ඩම බෑනෙ මටත්..ඇයි දැන් ශොප් එක ගෙදර වගේ පුරුදු වෙලා..ගෙදරටත් වඩා හුරුවෙලා ඒ හින්දම මමත් ඕනිම දෙයක් ඇරෙන්ඩ ගෙදර නැවතුණෙම නැති තරම්..දෙයක් ආසාවෙන් කරද්දි..කැමැත්තෙන් කරද්දි ඒ දේවල් සාර්ථක වෙනවා වගේම ඒ දේවල් වලින් ලබන්න පුළුවන් හොඳම දේ ලැබෙනවා කියලා කිව්වෙත් සර්..ඇත්තටම ඒක ඇත්තක් නේද කියලා මං පුළුවන් හැමනිතරම ඕනිවටත් වඩා කල්පනා කරනවා නොසෑහෙන්ඩ..ඇයිද කියලා දන්නෑ ඒක මගේ ඔලුවෙ නිතරම තිබුණා..සර් තව කතාවක් කියනවා අපිට..ඌරු කටයි..බූරු පිටයි..නරි නුවණයි..උකුසු දෑසයි...ඇත් සවනයි..මොණර රුවයි..ඔන්න ඔය කතාවේ හොඳ තේරුමක් තියෙනවලු..අපි ජීවත් වෙද්දි ජීවත් වෙන්න ඕනි විදිහ ඕකෙ හොඳටම තියෙනවලු..ඒක එවෙලෙට අප්‍රබංසයක් වුණත් ඒකෙ අගේ..ඒකේ තේරුම දැන් හොඳට තේරෙනවා මට..

"නානා..චිකන් තියෙනවද.." ?

"යේඩවනෙ තම්බි..කවද්ද නානයෙ කඩෙ චිකන් නතිවුණෙඩා..යෙංග තම්බි..කොච්චර කුකුළා ඕනිද තමා අහන්නෙ නානා.."

"කිලෝ එකක් දාන්ඩකො..කීයද දැන්.." ?

"කිලෝව නම් තම්බි...දැන් එද්දාස් පනහක් තමා වෙනවා.."

#වැහිකෝඩ..................Where stories live. Discover now