වැහිකෝඩ 04

286 39 26
                                    

#හතරවෙනි_කොටස 💜️

"හෙ...ලො..."

"මේ.....පහන්..ප්‍රහාෂ්වර......."

ඇහුණෙ හුරුපුරුදු බර කටහඬක්...

"ඔව්....කවුද මේ.." !!

මං කොන්ද කෙලින් කරන් බංකුවේ වාඩිවුණා..

"ම්...පහන් දැන් ටික දවසකට කලින් ඉන්ටවීව් එකකට...."

"අහ්..මේ...ඔව්..ඔව්...සර්...කියන්න..."

"හෙලෝ...ඔව් සර් කියන්න..ඇහෙනවා.."

මට දැනුණෙ කියාගන්න බැරි සතුටක්...මං ජොබ් එක අමතක කරලා දාලා හිටියෙ දැන් දවස් ගාණක් වෙලත් කෝල් එකක් ආවේ නැති හින්දා...

"ම්...පහන් මං පොඩ්ඩක් ඔයා ගැන හිතලා බැලුවා...මේ මැදක ඉඳලා ජොබ් එකකට ගන්නත් බෑ...ඒත් ඔයාට තියෙන සුදුසුකම් එක්ක සහ ඔයාගෙ වටපිටාව..මේ ජොබ් එක සිලෙක්ට් කරගන්න වුණ හේතුවත් එක්ක මට ඔයාව මේකට නොගෙනත් බෑ..මෙහෙම කරන්න..ම්ම්.....හෙට ඉඳලා ඔයා එන්න අපි වැඩ ටික පටන් ගමු...හැබැයි පහන් ඔයාට එඩියුකේට් පැත්තෙන් නොලේජ් එකක් තිබ්බා කියලා මේ අපේ සයිඩ් එක ගැන ඔයාට එක්ස්පීරියන්ස් එකක් නැති හින්දා මුල ඉඳලම වැඩ ටික පටන් ගන්න වෙයි...ටිකක් මුල ඉඳලම..පස්සෙ පස්සෙ ඔයාගෙ දක්ෂකම..හැකියාව එක්ක ඔයාට ඔයාගෙ සැලරීස් වගේම ඔයාගෙ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙයි...තව දේවල් ටිකක් කියන්න තියෙනවා අවුලක් නැත්නම් ජොබ් එක හොඳයි හරි කරන්න පුළුවන් හරි කියලා හිතෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් එන්න හෙට ඉඳලාම..මේ බ්ලෑන්ක් එකත් බොහොම අමාරුවෙන් ගත්තෙ කෙනෙක්ව අයින් කරලා තේරුණද...එනවනම් හෙට උදේ හත හමාර වෙද්දි එන්න..."

"ස..හරි හරි සර්..මං හෙට එන්නම්...අනිවාර්යයෙන්ම එන්නම්...තෑන්ක්‍යු සෝ මච් සර්...තෑන්ක්‍යූ...සෝ මච්..ලොකුම උදව්වක් මට කරපු..."

"ඉට්ස් ඕකෙ...පහන්..ඔයාට මං කරපු උදව්වක්ම නෙවෙයි..ඔයාගෙ සුදුසුකම් වලට ලැබුණු දෙයක්...සී යු..බායි පහන්...."

"බුදු සරණයි සර්.."

මට අන්තිමට කියවුණා..මට දැනුණෙ දරාගන්න බැරි තරම් සතුටක්..වචනෙකින් කියාගන්න බැරි තරම්ම සතුටක්...කොල්ලෙක්ට ජොබ් එකක් කියන්නෙ මොන වගෙ එකක්ද කියලා මට තේරුණෙ ඔය සිද්ධියෙන් පස්සෙ...හෙට ඉඳලා මමත් ලොකු මිනිහෙක්..ආයෙ කා ඉස්සරහවත් සල්ලි ඉල්ලලා චාටර් වෙන්ඩ ඕන් නෑ...මට මගේ දේවල් කරගෙන මං කැමති දෙයක් කරලා මට ජීවත් වෙන්ඩ පුළුවන්...දැන් මං නිදහස් මනුස්සයෙක්...මට එවෙලෙ හිතුණා..මට කෑ ගහන් ගිහින් මුහුදට පනින්ඩ හිතුණෙ සතුට වැඩි කමට....රස්සාවක් කරන මිනිහෙක් කියන හැඟීම මාව මාර විදිහට සතුටු කරා...කොච්චර සතුටු උනත් හෙට ගිහින් අලුතින් චාටර් වෙන්ඩ වෙයිද කියලත් මට හිතුණෙ දෙපාර තුන්පාරක් නෙවෙයි...එක්කො අඳුරන එකෙක් ආවොත්...නැත්නම් මේ වැල්ලේ එවුන්..නෑ නෑ..උන්ට කොහොමත් ඒකට එන්න පුළුවන් කමක් නෑ...මට ආයෙ ඒ වගේ ෆන් එකක් සතුටක් තව නෑ....

#වැහිකෝඩ..................Where stories live. Discover now