📲📲
" තිසූ ඔයා පරිස්සමෙන් ආවද...""හ්ම්ම්ම්...ඔව් ඔයාට ඉතින් මාව එක්කගෙනවත් එන්න බෑ නේ..."
"අහන්නකො ලමයෝ...අද රෑ වුනානේ ඉතින්.මං කොහොමද ඔයාව මේ හවස බස් එකෙ එක්කන් එන්නේ..එකයි කිව්වෙ අදට ඔයාගේ ඩ්‍රයිවර් එක්ක යන්න කියලා.."
"ඉතින් ඔයාට බයික් එකක්වත් ගන්න බැරිද සයුල්.එතකොට මාව දගෙන යන්න පුළුවන් නේ.."
"ඔයා දන්නවනෙ තිසූ මං තාම ඉන්ටර්න් මාත් කැමති බයික් එකක් ගන්න...ඒත් තාම හරි ස්ථාවරයක නැ නේ ම -.."
" මේ, තාත්තා එනවා මං තියන්නම්..බුදු සරනයි පරිස්සමෙන් යන්න..."
මන් කියලා ඉවර වෙන්නත් කලින් එයා ෆෝන් එක කට් කරා.ලොකු හුස්මක් අරන් සෙනග පිරුණු බස් එකෙ පිටිපස්සෙම සීට් එකෙ ජනේලේන් එලිය බලන් මම කල්පනා කරේ අපේ ජීවිතවල ඉස්සර තිබුණ නිදහස දැන් කොහෙ ගිහින්ද කියලා.මගේ කල්පනාවෙන් මන් මිදුනේ බහින තැනටම ලන් වෙලා කියලා දැනෙද්දි...
"ඉස්සරහා හෝල්ට් බහින අය දොරවල් ලගට එන්න..."
මම සෙනග අස්සෙන්ම තෙරපිලා පිටිපස්සේ දොර ලගට ඇවිත් ඉක්මනින්ම බැහැ ගත්තා.
මං සයුල් ආශිර්වාද්.වයස 26 යි.මං ඉපදුනේ හැදුනේ වැඩුනේ අනුරාධපුරේ. මට ඉන්නේ අම්මා විතරයි. එයා ටීචර් කෙනෙක්. මාව කොළඹ කැම්පස් එකට සිලෙක්ට් වුන නිසා අපෙ එහෙ තිබුන ගෙවල් ඉඩම් විකුණලා කොළඹින්ම ගෙයක් අරන් අම්මයි මමයි මෙහෙ පදිංචියට ආවා...ලොකු සල්ලිකාරයො නොවුනත් අම්මා කොළඹට කොහොමහරි මාරුවීමක් අරන් ආපු නිසාත්, මං පාර්ට් ටයිම් ජොබ් කරපු නිසා අපිට හොදින් ජිවත් වෙන්න පුළුවන් වුනා...මං ගෙදරට යන පාරට හැරෙන්නැතුව කෙලින්ම හැරුනෙ වෙන පැත්තකට...මහන්සිය නිසා ගෙදර යන්න ඕන වුනත් හිතේ වේදනාවත් එක්ක මට ටිකක් තනියම ඉන්න ඔනෙ කියලා හිතුන නිසා ඒ ලගම තිබුණ පාර්ක් එකට ආවා..
" අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු...."
YOU ARE READING
වසත් මායා (Ongoing)
Non-Fictionඇයගේ පෙමින් ඇවිළුණු සිතේ ගිනි දැල් නිවාලන්නට මායාවක් සේ මා සොයා ආ වර්ෂාවයි නුඹ ඉතින් මේ දැවෙන තුන් හිතම සුවපත් කරන්නට ඇද හැලීයන් මගේ සිත් අහසට....🤍 - සයුල් ආශිර්වාද් -