"ආ..මට මේ වැඩේවත් කර ගන්න බෑ නේ..."" ඇත්තටම එයා කවුද..? අනික මගේ නම ,අපේ ගෙදර ඔක්කොම එයා දන්නේ කොහොමද ? එතකොට එදා පාර්ටි එකෙත් අනිවාර්යයෙන් එයා හිටියා මට හොදටම ශුවර්..මං හිතුවා මට පිස්සු නෑ.."
"ඇයි මේ කොල්ලෙක් ගැන දවස තිස්සෙම මගේ ඔලුවේ වැඩ කරන්නේ..සයූල් just relax.."
" ආ...අදත් කොමහරි හම්බෙන්න ඔනේ.."
" කාවද ? "
" ඇ..මො..මොකක් කවුද කොහෙද ? "
" දැන් උඹ ඔය තනියම දොඩො දොඩෝ හිටියේ කාවද හම්බෙන්න ඔනෙ කියලා "
" උඹට පිස්සුද මං... මං එම දෙයක් කිව්වේ නැ.."
"ඔව් ඔව් පිස්සු තමා හැබැයි මට නෙමේ තොට. උඹ මේ මටනේ සයා කොලේ වහන්නේ.."
" ඇත්තටම සයා උඹ දැන් දවස් ගානක ඉදන් අමුතුයි ආ.."
"එහෙම දෙයක් නැ යකෝ..."
" ම්ම්ම් අවදානෙන් ඇ ඉන්නේ උඹ ගැන.."
" ආයිශ්...තව ටිකෙන් මාට්ටු..."
අයාගෙන් බේරෙන එක අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක්.ඔෆිස් එකට ආපු වෙලේ ඉදන් මගේ ඔලුවේ වැඩ කරේ ඊයෙ හවස හම්බුන අර ආගන්තුක කොල්ලා ගැන විතරමයි.ඒත් එවා හිතලා ආයේ මෙතන වැඩ අව්ල් ගියොත් ගෞරවයෙන් බුදු සරණ වෙන නිසා අමාරුවෙන් හරි එ ගැන නොහිතා ඉන්න තීරණය කරා.එ කෙනා ගැන හරියටම දැනගකල්ම අයාන්ටත් මුකුත් නොකියා ඉන්නවා කියලා හිතා ගත්තා.
ඕෆ් වුන ගමන් ඔෆිස් එකෙන් ඉක්මනින් දුවගෙන ආවේ පාර්ක් එකට යන්න බලාගෙන..
"අඩෝ..මං එක්ක නෙමේද යන්නේ.."
ඈත ඉදන්ම අයාන් කැ ගැහුවා..
" නැතෝ..අද මට වැඩ වගේකුත් තියෙනවා මං බස් එකෙම යන්න වස්තුවේ..."
" හරි බොසා.."
" ඈ...උඹ මට වස්‍තුව කියලද කිව්වේ.."
අයාන්ගෙ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන මග ඇරලා ඉක්මනින් ආපු බස් එකෙ එල්ලුනේ මෑන්ටත් අතත් වනාගෙනමයි.
" ඊලග හෝල්ට් බහින අය ලගට එන්න..."
වෙනදටත් වැඩිය අද නම් මාරම සෙනගක් බස් එකෙ හිටියේ.මං බහින තැන ලන් වුනාම ලගට ආවත් ඇගිල්ලක් ගහන්නවත් බැරි තරම් සෙනගක් එතන හිටියේ.හරි අමාරුවෙන් කට්ටියව පොඩ්ඩක් තල්ලු කරන් දොර ලගට ආවා.
YOU ARE READING
වසත් මායා (Ongoing)
Non-Fictionඇයගේ පෙමින් ඇවිළුණු සිතේ ගිනි දැල් නිවාලන්නට මායාවක් සේ මා සොයා ආ වර්ෂාවයි නුඹ ඉතින් මේ දැවෙන තුන් හිතම සුවපත් කරන්නට ඇද හැලීයන් මගේ සිත් අහසට....🤍 - සයුල් ආශිර්වාද් -