අද නම් හරිම කම්මැලි දවසක්..කොමහරි අවසානේ අයාන් නම් අද ඔෆිස් ඇවිල්ලා තිබ්බේ නෑ.මහන්සියයි කම්මැලිකමයි එක්ක සුපුරුදු පරිදි මං ආවේ බස් එකට නගින්න.මං ඉන්න තැනින් කාර් එකක් නතර කරා.එ කවුද ආවේ කියන්න අදුරගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
"තිසූ..."
"සයුල්..."
"ඇ..ඇයි ඔයා මෙහෙ.."
"ම්ම්..මට ටිකක් ඔයා එක්ක කතා කරන්න ඔනේ සයුල්...ප්ලීස් එක පාරක් මං එක්ක කතා කරන්න.ඔයා මගේ කෝල්ස්වත් ආන්සර් කරන්නෙ නැ අඩුම මගේ මැසෙජස්වත් බලන්නෑ.."
" තවත් මොනවද තිසූ අපිට කතා කරන්න තියෙන්නේ.."
"ප්ලීස් සයුල්.."
හරිම අමාරුවෙන් එයාව අමතක කරලා ඉන්න හිත හදා ගත්තත් ආයෙම එයා මගෙ ඉස්සරහට ඇවිල්ලා...දෙයියනෙ මට ඇත්තටම හිතට සැනසිමක් ඇත්තෙම නැද්ද..එ වෙලාවේ මට එයාව මග ඇරලා යන්න ඔන වුනත් මං පරන පුරුදු විදිහට එයා ලගට ඇදිලා ගියේ නිකම්ම..එයාගේ ඉල්ලිම මට අහක දාන්න බැරි වුනා.එයාගේ කාර් එකට නැග්ගේ අදින් පස්සෙවත් ආයෙ අපි හමු නොවෙයි කියලා බලාපොරොත්තුවෙන්..ටික දුරක් ඩ්‍රයිව් කරන් ආපු එයා කාර් එක ටිකක් සෙනග වාහන තදබදය අඩු තැනකින් නතර කරා..
"සයුල්, අපි කොහෙටද යන්නේ..."
" කොහෙටද කිව්වේ..."
"කතා කරන්න කොහෙටද යන්නේ කියලා.. - "
"අපිට දැන් ඉස්සර වගෙ එකට කතා කර කර ඉන්න කිසිම හේතුවක් නැ නෙ තිසූ..ප්ලීස් ඔයාට කියන්න ඔන දෙයක් මෙහෙම කියන්න."
"ම්..මට මට සමාවෙන්න සයූල්..මට එහෙම කියන්නවත් අයිතියක් නැ කියලා මං දන්නවා ඒත් මට ඒක කියන්න ඔනේ..."
එයාගේ ලස්සන දිලිසෙන ඇස් කදුලු වලින් පිරිලා ගිහින්..මට ඕන වුනා එයාව ඉස්සර වගේ තදින් තුරුලු කර ගන්න.ඒත් මං මාවම පාලනය කර ගත්තා.ඒත් මං උඹ ලග හරි අසරණයි තිසූ..
"අනේ කතා කරන්නකො සයුල්..මොනාහරි කියන්න අනේ එක්කො මට බනින්න.."
"ම්ම්ම්.. මොනා කියන්නද තිසූ.මට ඔයාට බනින්න ඔනෙ නැ ඔයා එක්ක මං කිසිම තරහක් නෑ..අපේ ජිවිත වෙනස් අපිට යන්න තියෙන්නේ වෙනම පාරවල්.කිසිම තරහක් වෛරයක් නැතුව අපි ඒ ගමන යමු..."
YOU ARE READING
වසත් මායා (Ongoing)
Non-Fictionඇයගේ පෙමින් ඇවිළුණු සිතේ ගිනි දැල් නිවාලන්නට මායාවක් සේ මා සොයා ආ වර්ෂාවයි නුඹ ඉතින් මේ දැවෙන තුන් හිතම සුවපත් කරන්නට ඇද හැලීයන් මගේ සිත් අහසට....🤍 - සයුල් ආශිර්වාද් -