02 කොටස

28 7 3
                                    


මං අයාන් කිව්ව රෙස්ටොරන්ට් එක ලගට ආවා.අයාන්ට කෝල් එකක් ගන්න හදද්දිම අයාන් මට අත වනලා කතා කරා.

"සයා..මචන් කලබල වෙන්න එපා හරිද.. මේ දේ මට උඹට නොපෙන්වා ඉන්නත් බෑ ඒත්.."

අයාන් මේ මොනවද කියවන්නෙ කියලා මට හිතා ගන්න බැරි වුනා..මොනා වුනත් තිසූ ගැන දෙයක් මේ කියන්න හදන්නෙ කියලා මට දැනුණ නිසා හිත ඇතුලෙන් ලොකු නොසන්සුන් කමක් මට දැනුනා..වටපිට බලලා ඒක හන්ගන්න උත්සහ කරත් මං දැක්ක දෙයින් මගේ නොසන්සුන් හිත තවත් කලබල වුනා.

"මගේ තිසූ..."

මං එ දැකපු දේ දරා ගන්න මට ඇත්තටම අමාරුයි..කදුලු වලින් මං දැක්ක සිද්ධිය බොද වෙලා යද්දි මගේ ලේන්සුවෙන්වත් ඒ වැටෙන කදුලු  නවත්තගන්න මට බැරි වුනා.. කාටහරි හිතෙයි මම කිසිම දෙයක් දරා ගන්න බැරි දුර්වලයෙක් කියලා.නෑ ඒ මගේ දුර්වලකමට වැටෙන කදුලු නෙමේ..එයා වෙනුවෙන්ම දුන්න ආදරේ , එයා වෙනුවෙන්ම හිතේ ඉපදුන ඒ ආදරේ කැඩිලා බිදිලා යද්දි මගේ හදවතට දරා ගන්න අමාරුයි..

මං දැක්කේ තිසූ තවත් බෝයි කෙනෙක්ගෙ අතින් අල්ලන් හිනා වෙවි කතා කරනවා..එක පාරටම ඒ කොල්ලා තිසූගෙ එක අතක් අරන් කිස් කරේ දකින කෙනෙක්ට හරිම ලස්සන කපල් එකක් කියලා හිතෙන විදිහටයි.. මට නැගිටලා එතනට යන්න ඕන වුනා...එත් මගේ කකුල් දෙක එක තැනකම ලොක් වෙලා, කකුල් විතරක් නෙමේ මගේ හදවතත් හිර වෙනවා වගේ මට දැනුනා...

"මචන්...මට සමාවෙන්න උඹෙ හිත මං රිද්දුවා නේද..අපි මෙතනින් යමු..තවත් මේක බලන් ඉන්න ඔනෙ නැ උඹ..."

අයාන් මට කතා කරත් එ කිව්වෙ මොකක්ද කියලවත් මට ඇහුන්නෑ වටේ පිටේ හැමදේම බොද වෙලා පෙනෙද්දි මට පෙනුනේ තිසූවයි එ කොල්ලවයි විතරයි...එ දෙන්නා ගොඩක් සතුටින් හිනා වෙවි කතා කරනවා...එක පාරටම මං ෆෝන් එක අරන් කෝල් එකක් ගත්තේ තිසූට..

"හෙලෝ සයුල්..කියන්න..."

" ති..තිසු ඔයා මොකද කරන්නේ.."

"මං මේ යාලුවෝ වගයක් එක්ක එලියට ආවා අනේ..ඔයාට මං ගෙදර ගිහින් කෝල් එකක් ගන්නද..ම්ම්ම්.."

"අහ්..එහෙමද හ - "

එයා ෆෝන් එක කට් කරා...

ඇයි තිසූ ඔයා මට එහෙම කරේ...මට කැ ගහලා එහෙම අහන්න ඕන වුනත් මුකුත් නොකර මං එතනින් නැගිටලා ආවා..මගේ පස්සෙන් අයානුත් ආවා..ඒත් මං අයාන් එක්ක වචනයක්වත් කතා කරේ නෑ...

වසත් මායා (Ongoing) Where stories live. Discover now