[එකොළොස්වෙනි කොටස]

252 55 65
                                    

උදේ කැෆටේරියා එකෙන් අපිව පන්තියට එලෙව්වට පස්සෙ ඉන්ටවල් එකටවත් අපි තුන්දෙනා ඉදන් හිටිය තැන් වලින් හෙල උනේ නෑ.. ඉන්ටවල් එකට බෙල් කරලා විනාඩි පහලවකට පස්සෙ විහස්න අයියා ඇවිල්ලා චොක්ලට් කිරිපැකට් දෙකයි වැනිලා කිරිපැකට් එකයි දීලා ස්කෝලෙ ඉවර උනහම ගාඩ් රූම් එක ලගට වෙලා ඉන්න කියලා ආයෙම ගියා..

ඇත්තටම මට කන්නවත් පිරියක් තිබ්බෙ නෑ ඇස් දෙක හිටන් දැවිල්ලයි ඔලුවත් පුපුරන්න වගේ රිදෙනවා.. කිරි පැකට් එක අරුන්ට නොපෙනෙන්න බෑග් එකට ඔබාගෙන වතුර ටිකක් බීලා මං ඩෙස්ක් එකට ඔලුව තියාගෙන හිටියා.. පහ, හය පීරියඩ් දෙක මියුසික් තියෙන්නෙ.. අද මියුසික් මිස්ට මල ගෙයක් වෙලා එයා ඉන්ටවල් එකේදි ඒකට ගිහින් කියලා තේමිය කිව්වා.. තේමියට නෝට් එකක් දීලා ගියපු නිසා ඉන්ටවල් එකේදි ඌ ඒක බෝඩ් එකේ ලියලා පස්වෙනි පීරියඩ් එකේදි ලියාගන්න කිව්වා.. මට ඕනෙ ඉක්මනට ගෙදර යන්න.. කොහොමත් ආදි අයියා කිව්වනෙ ක්ලාස් යන්න එපා කියලා.. මගෙ ඇස් දෙක පියවීගෙන එද්දිම ශේනු මගෙ ඔලුව අතගාලා මොකද ඇහුවා..

" මහී මොකද බං මේ තෝන්තු වෙලා උබට අසනීපයක්ද කියපන්කො.. "

" අව්ලක් නෑ ශේනු මගෙ ඔලුව රිදෙනවා.. මං ටිකක් නිදාගන්නම් එතකොට හරියයි.. "

" උබේ ඇස් දෙකත් රතු වෙලා බං උන ගන්නද මන්දා.. දිලුම් ගෞරව් ගෙන් අහපන් පැනඩෝල් දෙකක් තියෙනවද කියලා.. "

ගෞරව් කියන්නෙ අපෙ පන්තියෙ මොනිටර් ඌ ළග පැනඩෝල්, සිද්දාලේප එහෙම තියෙනවා ඕන උනොත් කියලා ඌ ඒවා අරගෙන එනවා.. අනික් බඩු නම් first aid බොක්ස් එකේ තියෙන්නෙ..

" අඩෝ ඌ ළග නැහැලුනෙ අද ගේන්න අමතක වෙලාලු.. දැන් මොකද කරන්නෙ.. උබට ගොඩක් අමාරුද මිහිනුවො.. "

" ම්හ්ම් නෑ දෙව් අමාරුවක් නෑ මං ටිකක් නිදාගන්නම් එතකොට අඩුවෙයි.. "

" එහෙනම් මං උබේ ඔලුව අතගාන්නම් නිදාගනින්කො දෙව් උබ පලයන් ඩාන්සින් වලට.. "

" එහෙනම් මං කැපුනා පැන්ඩෝල් දෙකක් හම්බුනොත් මං එවන්නම් කා අතේ හරි.. "

" හරි දෙව්.. "

ශේනුක දිලුම්ට ඩාන්සින් වලට යන්න කියලා එයාගෙ පුටුව ඇදගෙන මං ලගට ඇවිල්ලා මගෙ ඔලුව අතගාන්න ගත්තා.. ඇස් දෙක හිටන් පුදුම විදිහට රිදෙනවා.. ස්කෝලෙන් යන්නවත් බෑනේ මං තනියම යන්න දන්නෙත් නෑ.. එක අතකින් නලල දෙපැත්ත මිරික ගන්න ගමන් මං ඇස් දෙක පියාගන්න හැදුවත් තියෙන අමාරුවටම ඒක කරගන්න බෑ.. ඒක දැකලා ශේනුක මගෙ ඔලුව උස්සලා නලලට අත තියලා කතා කරා..

දේදුනු හාදු ❤ [Taekook] On Going Where stories live. Discover now