[දහ අටවෙනි කොටස]

181 41 17
                                    

සුපුරුදු පරිදි සෙනසුරාදා ඉරිදා ගෙවිලා ගියා.. විශේශ දේකට කියලා උන එකම දේ අර මට රෑට රෑට මැසේජ් දාන පිටසක්වල ජීවියා දැන් මට නිතරම මැසේජ් කරන එක.. අම්මයි අප්පචී දෙන්නත් කතා කරා.. අවුරුදු නිවාඩුවට කලින් එහෙ ඇවිල්ලා යන්න එන්නලු.. කොහොමත් මං හිතාගෙන හිටියෙ එහෙම ස්පෝට්මීට් එක ඉවර වෙලා සෙනසුරාදා දවල්ට මෙහෙන් බස් එක තියෙනවනෙ ඒකේ නැග්ගම හවස් වෙද්දි යාගන්න පුලුවන් ඉරිදා පාන්දර එනවා එහෙමම ස්කෝලෙ යන්න බලාගෙන.. 22 ස්පෝට්මීට් ඉවර වෙලා රෑ බස් එකේ නගිනවා නැත්නම්.. අවුරුදු කටේ ගමේ යනවා කියන එක විකාරයක් පුදුම සෙනගක්නෙ ඉන්නේ ඒක නිසා කලින්ම ගිහින් එන එක හොදයි.. ඉරිදා පොලිටිකල් ක්ලාස් තිබ්බා මායි ශේනුයි දිලුම් තුන්දෙනාම ඒකට ගියා අව්ලක් නෑ ශේප්.. සදුදා ඉදන් දිගටම ස්පෝට්මීට් එකේ වැඩ ක්‍රිකට් ප්‍රැක්ටිසුත් තියෙනවලු.. ටීම් ගේම්ස් ටික මුලින්ම තියෙන නිසා ක්‍රිකට් වැටෙන්නෙ අගහරුවාදට ඉතින් සදුදා දවසම ප්‍රැක්ටිස් 18න් පහල ටීම් එකට මාවත් දාලා අපෙ ගේම්ස් කැපා මගුල..

උදේම ඇහැරිලා අයියටත් උයන්න උදව් කරලා ස්පෝට් බෑග් එකට කිට් එකත් දාගෙන ශූස් දෙකත් දාගත්තා.. උදේට යුනිෆෝම් ගිහින් ස්කෝලෙදි චේන්ජ් කරගන්න ඕනේ.. අද කලින් යන නිසා අයියටත් කිව්වා කලින්ම ලෑස්ති වෙන්න කියලා.. ඔක්කොම කරගෙන කාමරේ වහලා මං සාලෙට එද්දි අයියත් ලෑස්ති වෙලා ඇවිල්ලා කෑම එකයි වතුර එකයි මගෙ අතට දුන්නම ඒකත් මං බෑග් එකට දාගෙන දෙන්නත් එක්කම එලියට බැස්සා.. පාරට ඇවිල්ලා ගේට්ටුව වහනකොට ශේනුයි ආදි අයියයි දෙන්නත් අපි ඉන්න තැනට ආවා..

පස්සෙ හතර දෙනත් එක්කම කියව කියව කුකුලත් අතේ අරගෙන මහපාරට ආවා.. කලර් ලයිට් එකේ රතු වැටිලා තියෙන නිසා අපි පාර පයින්න හිටගෙන හිටියා.. අන්තිමට කොළ ලයිට් එක පත්තු උනහම ආදි අයියා මගෙ අත එයාගෙ ලොකු අතකට පටලවගෙන පාරෙන් එහා පැත්තට මාරු උනා.. පොඩි කාලේ අප්පච්චිගෙ අත අල්ලගෙන පාර මාරු උනාට පස්සෙ ආයෙම මං ආදරේ කරන කෙනාගෙ අත අල්ලගෙන පාරමාරු උනා.. හොද වෙලාවට අපි දෙන්නා පිටිපස්සෙන් ගියේ අයියයි ශේනුයි ඉස්සරහින් ගියා.. නැත්නම් ශේනුගෙ කට කැඩිච්ච කතා වල නිමක් නැති වෙනවා..

දේදුනු හාදු ❤ [Taekook] On Going Where stories live. Discover now