[දාහත් වෙනි කොටස]

291 56 51
                                    

අදත් ගෙදර ඉන්න කියලා මරණ තර්ජණ ආව නිසාම අදත් මම ගෙදර හිටියා.. ඒක නිසා ඉතින් උදෙන්ම ඇහැරුනෙ නෑ ටිකක් දවල් වෙන්න තමයි මං නැගිට්ටෙ.. සුපුරුදු පරිදි ඇදෙන් බහින්නත් කලින් අතට අරගෙන මුලින්ම ගියෙ වට්සැප් එකට ඒකේ තියෙන මැසේජ් දෙකතුන බලලා වට්පෑඩ් එකට ගිහින් අප්ඩේට් දාලා තියෙන්නෙ මොනාද කියලා බලලා ඒ ටිකත් ඔක්කොම කියවලා ඇඳෙන් බහිද්දි 11.30යි.. ඇඳ හදලා කාමරෙත් අතුගාලා දාලා මං නාගත්තා..

නාගෙන කුස්සියට ගිහින් කන්න මොනාද හදලා තියෙන්නෙ බලලා කෑම එකකුත් බෙදාගෙන ටීවි එක බල බල බත් එක කෑවා.. කාලා ඉවර වෙලා ඊයේ ගෲප් එකට දාලා තිබ්බ නෝට්ස් ටික ලියන්න කියලා හිතාගෙන පොත් ටිකයි, පර්ස් එකයි, ෆෝන් එකයි අරගෙන මම මිදුලෙ තියෙන සුදු අරලියා ගහ යටට වෙන්න හදලා තියෙන බංකුව ලගට ගියා.. අද ලොකූවට අව්වක් පායලා නැති සනීප හිතෙන දවසක්.. ලාවට වැහි අදුරකුත් තියෙනවා.. මං මුලින්ම ගත්තෙ මීඩියා නෝට් එක ලියන්න.. මොන පොත නැතත් මීඩියා පොත කම්ප්ලීට් එකේ තියාගන්න ඕනේ.. මීඩියා තමයි වැඩිපුරම ලිව්වෙ අපි.. ස්කෝලේ පටන් ගත්ත ගමන් වගේ 13 අයට විභාගෙ තිබ්බ නිසා අපිට ඉගැන්නුවෙ ඉතින් පොත පුරවන්න දුන්නා අපිට..

ඔය අතරෙ තමයි උදේ රැස්වීමක් අරගෙන අපිට වාර්ශික සැලසුම් ගැන මැඩම් දේසනාවක් තිබ්බෙ.. ඒකේ උඩින්ම තියෙන්නේ ස්පෝට්මීට් එක.. එන සතියෙ ඉදන් ඒවගෙ වැඩ පටන් ගන්නවා.. මීඩියා නෝට් එක ලියලා ඉවර වෙලා ස්කෝලෙ සෞඛ්‍ය මිස් දුන්න පේපර් වගයක් තිබ්බා පොඩි උන්ගෙ ඒ ටික බලන්න ගත්තා.. මුං ලියලා තියෙන්නෙ අමු කුනුහරුප.. සාමාන්‍ය දැනීම ප්‍රශ්න මෙව්වා එහෙව් එකකටවත් උත්තර ලියාගන්න මේ යක්කුන්ට බෑ.. ඒ ටිකත් ඉක්මනට ඉක්මනට බලලා ඉවර වෙලා ෆෝන් එක අරගෙන වෙලාව බලද්දි දවල් 2ටත් ලං වෙලා තිබ්බා.. තව ටිකකින් අයියලා ගෙදර ඒවි..

මේ දවස් වල උහුලන්න බැරි තරම් රස්නයක් තියෙන්නෙ.. ඒක නිසා මම ගෙට ගිහින් නාගන්න ගියා.. නෑවත් වැඩක් නෑ වතුර පවා රස්නෙයි.. ඉක්මනට නාලා ඇදුමක් දාගෙන ඉස්සරහට යද්දි අයියා ඇවිල්ලා හිටියා..

" කොහෙද ළමයෝ හිටියෙ මේ දොරවලුත් ඇරලා දාලා.. "

" මං මෙච්චර වෙලාම එලියෙ ඉදන් පාඩම් වැඩ කර කර ඉදියෙ ඊටපස්සෙ නාගන්න ආවා.. "

දේදුනු හාදු ❤ [Taekook] On Going Where stories live. Discover now