[දාසය වෙනි කොටස]

255 48 66
                                    

කාමරේ ඇතුළට ඇවිල්ලා දොරත් වහපු ආදිත්‍ය අයියා මගෙ පැත්තට හැරිලා ටික ටික ඉස්සරහට එන්න ගත්තා.. මේ මොකද්ද මේ වෙන්න යන්නෙ දෙයියනේ දෙයියනේ කුළුදුල් හාදුවවත් මේකා මගෙන් හොරකම් කරන්නත හදන්නෙ.. එයා ඉස්සරහට එද්දි මම පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් අන්තිමට මගෙ ඇඳෙන්ම මාව ඉන්ද උනා.. මගෙ දෙපැත්තෙන් අත් දෙක තියලා මගෙ මූණ දිහාට බර උන ආදි අයියා එයාගෙ ඇස් දෙකෙන් මාව කන ගමන් උන්නා..

" ආයෙම ක්‍රිකට් ගහන්න ආසයිද.. "

" ආ..හ්හ්..ම්..ක්ක්..මොකද්ද.. "

" මං ඇහුවෙ ආයෙත් ක්‍රිකට් පටන් ගන්න කැමතිද කියලා.. "

නෙද්දකින් නේද ඒයිලා නෙද්දකින් නෙදමකින්.. සැක් යකෝ මොකද්ද ඒ අහපු එලොවටත් නැති මෙලොවටත් නැති පස්නෙ.. මූට නම් ලාදුරුද කොහෙද ගොං මිනිහා.. බැරි වෙලා හරි මං මූට ආදරෙයි කියලා අපි කසාද බැඳලා හනිමූන් යන දවසකත් මේකා අහයිද දන්නෑ ක්‍රිකට් ප්‍රැක්ටිස් නේද හෙට කියලා.. වට් ද පක් අනේ මොනාද මං මේ හිතන විලි සංගයක් නැති දේවල්.. යසෛ යසෛ අම්මගෙ සුදු පුතා හිතන දේවල්..

" මිහිනු තමුසෙ මොන ලෝකෙද ඉන්නෙ ආ.. ඉක්මනට කියනවා ඔව්ද නැද්ද.. "

" ආහ්..හ්හ්..සොරි සොරි.. ක්‍රිකට් ගහන්න මම කැමති අයියෙ ඒත් අප්පච්චි.. "

" ම්ම් එච්චරයි.. හෙට ඉදන් ප්‍රැක්ටිස් ඉන්න බොටම් එකයි ටී ශර්ට් එකකුයි අරගෙන එන්න.. දවල් 2 ඉදන් හවස 5 වෙනකම්.. මම අයියට කියන්නම්.. "

" ආහ්..එත..කොට..අප්පච්.. "

" අප්පච්චි ගැනත් මම බලාගන්නම්.. එයාට දැනගන්න විදිහක් කොහෙත්ම නෑ දැනගත්ත දවසට මං ඒකට මොකද්ද කරන්නෙ කියලත් දන්නවා.. හෙට එන්න.. මං යනවා.. පරිස්සමෙන්.. "

" තෑන්ක් යූ.. කාලා යන්නෙ නැද්ද.. "

" බඩගිනි නෑ චූටි මං යනවා.. "

" ම්ම්.. "

අනේ මන්දා මට එයා කොච්චර කිව්වත් හැමදේම බලාගන්නම් කියලා බයයි.. අප්පච්චිට කොහෙන්ම හරි ආරංචි උනොත් දෙයියනේ මාව මෙහෙන් අයින් කරගෙන ආයෙම නුවර එක්කගෙන ගිහින් එහෙ ස්කෝලෙට දායි.. එහෙම වෙන්න දෙන්න බෑ මට තවමත් ඇවිල්ලා සතියකට කිට්ටු වෙන්න ආවට මොකද දැන් මට මෙහෙ දාලා යන්න ලෝභයි.. ඒකට හේතුවත් ඉතින් ඔය දැන් ගියපු නහරකාරයම තමයි..

දේදුනු හාදු ❤ [Taekook] On Going Where stories live. Discover now