[පහළොස්වෙනි කොටස]

238 51 66
                                    

Mihinu Pov:

පහුවදා උදේ නැගිටිද්දි දවල් වෙලා තිබුණා.. ඒ කියන්නෙ අයියා අද කැම්පස් ගිහින් නැද්ද දන්නෑ.. ටිකක් වෙලා එහෙමම ඇඳේ ඉදලා මම ෆෝන් එකේ ඩේටත් ඔන් කරලම නැගිට්ටා.. මූණ පොඩ්ඩක් හෝදගෙන කෙලින්ම ගියේ ඉස්සරහට උනත් ගෙදර දොරත් වහලා කවුරුත්ම හිටියෙ නෑ.. ඒ කියන්නෙ අයියා ගිහින්.. කුස්සිය පැත්තට යන්න හදද්දිම කාමරෙන් ඇහුනෙ මගෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙ.. ගිහින් ෆෝන් එක අරගෙන බලද්දි කෝල් එක අයියගෙන්..

" හෙලෝ අයියා ඔයා කැම්පස් ආවද.. "

" ඔව් බබා මම ආවා අද අසයිමන්ට් එක දෙන්න ඕනනෙ කම්ප්ලීට් කරපු.. ඔයා දැන්ද
නැගිට්ටේ.. "

" ආහ් හරි.. ඔව් අයියෙ දැන් විනාඩි පහක් වගේ.. "

" හරි මං කෑම හදලා තියෙන්නෙ හරිද.. ෆ්‍රිජ් එකේ ඇති දොඩම් වගේකුයි යෝගටුයි, දෙකම එලියෙන් තියලා කූල් ගියාට පස්සෙ කන්නෙ හරිද කූල් පිටින්නම් කන්න එපා බබා සෙම හදාගන්න.. "

" හරි හරි මං එහෙම කරන්නම්කො.. අයියා කාලද ආවේ.. "

" නෑ නෑ මම දැන් මේ කන ගමන් ඉන්නෙ.. එහෙනම් මං තියනවා හොදේ කෑම කාලා උනුවතුර බොන්න.. පරිස්සමෙන් ඉන්න කොහෙවත් යන්න එපා කවුරු ආවත් දොර එහෙම අරින්න යන්න එපා.. ශේනුගෙ අම්මා එයි දවල්ට.. "

" හරි හරි තාත්තෙ මං පරිස්සමෙන් ඉන්නම්.. අයියත් පරිස්සමෙන් ගෙදර එන්න.. මං තියනවා.. "

" හරි බුදුසරනයි.. "

කෝල් එක කට් කරලා ෆෝන් එකත් අරගෙනම මම කුස්සියට ගියෙ බත් ටිකක් කන්න.. සුදු බත් එකට පරිප්පු, මාළු මිරිසට හදලා කොළ මැල්ලුම් එක්ක පපඩම්.. දෙයියනේ දෙයියනේ මේවනෙ අනේ කෑම.. මං කන්න බැරි උනත් අමාරුවෙන් හරි කනවා කියලා හිතාගෙන බත් බෙදාගෙන සෝෆා එකෙන් වාඩි වෙලා ටීවි එක දාගෙන කන්න ගත්තා.. වැඩක් නෑ අනේ ටීවි එකේ සූටිං මාටිං බලලම මට දැන් අප්පිරියයි.. කරන්න දෙයක් නැති කමට ඒකත් බලන ගමන් බෙදාගත්තු බත් පිඟාන කාලා ඉවර කරලා අතත් හෝදගෙන ෆ්‍රිජ් එක ඇරලා දොඩම් බෑග් එක අරගෙන එලියෙන් තියලා මං කාමරේට ගිහින් මූණ හෝදගෙන ආවා..

දේදුනු හාදු ❤ [Taekook] On Going Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ