📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰¹🌷

3K 203 45
                                    

coffee shop එක ළඟ හිටගෙනම ඇතුළට යන්නේ නැතුව buyong බෑග් එක අදින්න ගත්තේ මොනව හරි හදිස්සියෙන් හොයනවා වගේ....

"හ්ම්...." ලොකු හුස්මක් අරගෙන කෙල්ල බැලුවේ අතේ තියෙන ගානෙන් බඩ පිරෙන්න කන්න බෑ කියලා තේරුම් ගත්ත නිසයි.

කොහොම හරි කැෆේ එක ඇතුළට ගිහින් ice coffee එකකුත් අරගත්ත buyong කොනේම තිබ්බ ටේබල් එකකින් ඉදගත්තේ එතනට එළියේ පාරත් හොදට පේන නිසා.. ඒ දිහා බලාගෙනම කොෆි එක බොන්න ගත්ත buyong හැරිලා බැලුවේ ඒ ආව සද්දේ මොකක්ද බලන්න.

"තමුසෙට මං මේවද ගේන්න කිව්වේ😠 කන් ඇහෙන්නේ නැද්ද... යනවා ගිහින් ඕඩර් කරපු එක ගේනවා"
කළුකුමාර දිෂ්ටිය වැදිලා වගේ කළුම ඇදන් හිටපු කොල්ලෙක් එකපාරම කැෆේ එක දෙක දෙකක් වෙන්න කෑගහන්න ගත්තා.

"හියොන් ඇති ඇති දැන් ඉදගන්න.. එයා හිතලා කරන්න නැතුව ඇති... වරදින්න ඇති."

කළු කුමාරයාගේ එහා පැත්තේ හිටිය මාෂ්මෙලෝ එකක් වගේ කොල්ලා කළු කුමාරයාගේ අතින් ඇද ඇද ඉදගන්න ලු. කළු කුමාරයා කිව්වට මොකද කොල්ලා හිම බෝලයක් වගේ සුදුයිනේ. තවත් වැඩිපුර කැපිලා පේන්න කළු අදිනවා ඇති.buyong තනියම හිතුවා.

මේ හැමදේම බලන් හිටිය buyongට පොඩි හිනාවකුත් ගියා. එහෙමම ආයේ පාර දිහා බලාගත්ත buyong කොෆි එක බොන්න ගත්තා.
🌸••••••••••••••••••••••••🌸

"ඒයි පොඩ්ඩෝ ඔය milkshake එක අද බීලා ඉවර කරනවද?" jin ඇහුවේ strawberry milkshake එකේ straw එකත් කටේ ගහන් වෙන කල්පනාවක හිටපු tae ට.
"හියොන් පරක්කුයි නම් අපි යමු, අනික මට පොඩ්ඩා කියන්න එපා හියොන්"
එහෙම කියාගෙනම tae පුටුව පස්සට කරලා නැගිට්ටා.

හැබැයි වැඩි වෙලාවක් tae ට නැගිටලා ඉන්න හම්බුනේ නෑ. නැගිට්ට වේගෙටම අනිත් පැත්තට ගෙම්බා පොලේ ගැහුවා වගේ tae මේසේ උඩට පතබෑවුණා.
(ඕතරීට වැරදුනා කියලා හිතුවද?? නෑ නෑ වැරදුනේ නෑ හරි😉පුටුවට නෙවේ මේසෙට තමා වැටුණේ.)

වුණේ මොකක්ද කියලා එකපාරටම කාටවත් හිතාගන්න බැරි වුණා. ඒත් එක්කෙනෙක් විතරක් වුණ දේවල් ටික සේරම හොඳට දැක්කා. ඒ කලින් අර වේටර් බෝයිට කෑගහපු, buyong කළු කුමාරයා වගේ කියලා හිතුව කෙනා. ඔව් ඒ කෙනා තමා yoongi.

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now