📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²⁸ 🌷

778 128 48
                                    

"ම්හ්...ම්හ්... Excuse me Mr.Jeon"
තමන්ට පිටුපාලා තාමත් ෆෝන් එක දිහා බලන් ඉන්න Mr.jeon ට Yoongi කතා කලා.

"ආහ්... මේ Mr.Minනේ... මොකද ගිය පයින්ම ආයෙත්"
නොරිස්සුම් සහගත බැල්මකින් Yoongiට සංග්‍රහ කරන ගමන් Mr.Jeon ඇහුවා.

"ඔහ්... කරදරයක් වුණා නම් සමාවෙන්න. ඇත්තටම මට ටිකක් අසනීපයි...🙂 අසනීපෙ පොඩි වුණාට බෙහෙත් බොන්න එපැයි"

"ඉතිං මගෙන් මොනවද වෙන්න ඕන??🤨"

"මේ... මම මගේ බෙහෙත් හරියටම වෙලාවට බොන්න ඕන. ඉතිං දැන් මගේ බෙහෙත් බොන වෙලාව🙂 ඒත් අවාසනාවකට මට අද කාර් එකට වතුර එක දාගන්න බැරි වෙලා."

"හරි දැන් Mr.Min වතුර එකක් ද ඉල්ලන්නේ... ඉන්න මම servant කෙනෙක් ට කියලා ගෙනත් දෙන්නම්"

"දේ... කුමාවෝ...🙂"
Yoongi මේ කතාව අතරතුර බැලුවේ Mr.Jeonගේ ෆෝන් එක දිහා. ඒක අතේමයි. ටිකකටවත් පැත්තකින් තිබ්බෙ නෑ. මේක ගන්න විදිහක් කල්පනා කර කර ඉද්දී Yoongi දැක්කා ඈතින් වතුර එකක් අරං එන අජුම්මාව. ක්ෂණිකව ආව අදහසකට Yoongi වතුර එක ගන්න ගිහින් වැටුනා වගේ රඟපෑවා. ඒ වැටුනේ නිකම්ම නෙවෙයි වතුර එක Mr.Jeon ගේ මුළු ඇගේම හැලෙන විදිහට.

"What's wrong with you Mr.Min🤨 ෂික්.... මෙයාට තව වතුර එකක් ගෙනත් දෙන්න. මගේ රූම් එකට අලුත් ඇඳුමක් එවන්න. මම දැන් වැඩකට යන්න ඕනේ."
ආයෙ Yoongi දිහා පැත්තවත් හැරිලා බලන්නෙ නැතුව Mr.Jeon එහෙම කියලා යන්න ගියා. හැබැයි වතුර වැටුණ පාර ස්ටූල් ඒක උඩ තිබ්බ ෆෝන් එක නම් තියලා තමයි Mr.Jeon යන්න ගියේ.

තමන් එක්කම හිනා වෙන ගමන් Yoongi ෆෝන් එකේ තිබ්බ නම්බර් එක ගත්තේ අජුම්මා තව වතුර එකක් ගේනකම් ඉදගෙන ඉන්න වෙලාවෙ.

🌸••••••••••••••••••••••••••••••••••••••••••••••🌸

A/N pov

Buyong, Taehyungගේ ගෙදර ඇවිත් හරියට දැන් දවස් හයක්. කෙල්ලට හොඳටම සනීපයි. ඒත් ආයෙත් apartment එකට යවන්න නම් Taeට ඕන වුණේ නැහැ. ඒත් කෙල්ල යන්න ඕනමයි කියද්දි ඒකට කැමති වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. ඒ වගේම හෙට තමයි Jungkookගේ වැඩේ දෙකෙන් එකක් විසදෙන දවස. ඉතිං ඒ වැඩත් එක්ක කොහොමත් Taeට Buyong ළඟ ඉන්න බැරි වෙන නිසා Buyongට Apartment එකට යන්න සේරම දේවල් ලෑස්ති කලා. Buyong යන්න කලින් පොඩි party එකක් තියන්න Tae ප්ලෑන් කලේ එයාව සතුටු කරන්න හිතලා වගේම එයාට professional විදිහට propose කරන්නත් හිතාගෙන. ඉතිං Tae, Buyongට ඇරෙන්න අනිත් හැමෝටම පාටි එක ගැන කිව්වේ Buyongව surprise කරන්න හිතාගෙන. Buyong මෙහෙ ඉන්න අන්තිම දවස් නිසාත්, ඉස්සරහට Final exam එක්ක busy වුණාම මෙහෙ එන එක අඩු කරන්න වෙන නිසාත් Buyong නම් මුළු උදේ වරුවම වගේ ගෙවලා දැම්මේ රොබරෝසියා ගහ යට බංකුවට වෙලා.
End of pov

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now