📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰⁵🌷

1K 162 22
                                    

A/N pov

Buyong කෝල් එක කට් කරපු ගමන් ඉක්මනට ලෑස්ති වෙලා ගියේ හොස්පිටල් එකට. යනකොටත් ඔම්මා හිටියේ ICU එකේ. ඒ වෙලේ නර්ස් කෙනෙක් වත් හිටියේ නෑ ඔම්මා ගැන විස්තර අහන්න. ICU එක ඇතුලේ ඉන්න ඩොක්ටර් කෙනෙක් එළියට එනකම් හරි විස්තරයක් දැනගන්න බෑ කියලා හිතපු Buyong එතන තිබුන පුටුවකින් ඉදගත්තා. කෙල්ලගේ ඇස් වලින් නොනවත්වාම කඳුළු ගලනවා. ඒවා පිහදගන්නවත් සිහියක් Buyongට තිබුණේ නැහැ. එකපාරටම දෙයක් මතක් වුණා වගේ Buyong නැගිට්ටා.

ඔම්මා හොස්පිටල් එකේ නම් Sooට මොකද වුණේ😢 Sooත් හිටියේ ඔම්මා එක්ක. එහෙම හිතලා Buyong කෝල් එකක් ගත්තේ Soo ට. කීප පාරක්ම කෝල් කරත් ඒකෙන් වැඩක් වුණේ නැහැ.

🌷: ආ.....ශ්😣 Sooගේ phone එක off නේ😢😢 අනේ Soo ඔයාට මොකද වුණේ...😭
කෙල්ල එහෙම කියාගෙනම බිම ඉදගත්තේ තවත් හිටගෙන ඉන්න පණ නෑ කියලා තේරුණ නිසා...

ඔම්මා හොස්පිටල් එකේ ICU එකේ. මොනවා වෙලාද කියලවත් දන්නේ නෑ, හොඳම යාළුවට වුණ දෙයක් දන්නේ නෑ... ජීවිතේට ළඟම අය තමයි අපිත් එක්ක ඕනම ප්‍රශ්නෙකදි ඉන්නේ.. ඒත් Buyongට ඕනම වෙලාවේ එයාගේ ජීවිතේ ළඟම දෙන්නාම අද එයා එක්ක නෑ... එයාට මහා මූසල හැඟීමක් දැනුනත් හැමදේටම මුහුණ දෙන්න ඕන කියලා Buyong හිතුවා.

🌸••••••••••••••••••••••••••🌸

At Kim house

Tae's pov

ඔම්මා Busan වල ඉන්න එයාගේ යාළුවෙක්ගේ ගෙදර ගිහින් අද තමයි ආවේ. ආව වෙලාවේ ඉදන් හියොන්ලා දෙන්නත් එක්ක ලොකු කතාවක්. විශේෂ දෙයක් නෙවේ ඔම්මා එහේ විස්තර කියනවා. හියොන්ලා මෙහෙ විස්තර කියනවා. මට එතනට යන්න හිත දුන්නේ නෑ. මම එතනට ගියාම වෙන්නේ එයාලගේ සතුට නැති වෙන එක. මොකද ඔම්මා මාව දැක්ක ගමන් කියනවා "ඔයාගේ හිනාව කොච්චර ලස්සනද Tae...ඒත් දැන් මං නිසාම එක නැති වෙලා ගිහින්" කියලා. එහෙම කිව්වම හැමෝම පරණ දේවල් මතක් වෙලා දුක් වෙනවා. විශේෂයෙන් ඔම්මා. ඔම්මා හිතන්නේ ඒක එයාගේ වැරද්දක් කියලා. ඒක එහෙම නෙමෙයි කියලා මං කොච්චර කිව්වත් ඔම්මා ඒක පිලිගන්නේ නෑ. මං බැල්කනි එකට වෙලා ටිකක් නිදහසේ ඉන්න කියලා යද්දි මට ඇහුනේ Jiminගේ කටහඬ. මේ කොට තාරාවා ආවෙම Taehyung-ah... කියලා කෑගහගෙන. ඒ නිසා බැල්කනි එකට යන්න ගියපු මට පහළට යන්න වුණා.

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now