Part 01...

424 44 15
                                    


Jk : මම කියන දේ අහන්න මිස්ටර් කිම් සොක්ජින්..

ජන්ග්කුක් ඔහුගේ පියාගේ අතකින් අදිමින් බෙරිහන් දුන්නේ ඔහුට අවශ්‍ය අවදානය නොලැබුන නිසායි..

Jn : ඔයාගෙ පපාට ගරු කරන්න ඉගෙනගන්න ජන්ග්කුක්..

සොක්ජින් ජන්ග්කුක් දෙස නොබලාම පැවසුවා.. ඔහුගේ අවදානය යොමුව තිබුනේ ඉදිරියෙන් ඇති මාර්ගය වෙතටයි..

Jk : සොරි පපා.. ඒත් ඔයා මම කියන දේ උවමනාවෙන් අහන්නෙ නෑනෙ..

ජන්ග්කුක් ඔහුගේ විසල් දෑස් තවත් විසල් කරමින් පවසන විට සොක්ජින් සුසුමක් හෙලමින් ඔහු දෙස බැලුවා..

Jn : ඕකේ ෆයින්.. දැන් කියන්නකො..

තමාට අවශ්‍ය වූ අවදානය ලැබීම ගැන සතුටට පත්වූ ජන්ග්කුක් සූදානම් වූයේ මෙතරම් වේලාවක් ඔහුගේ සිතෙහි වූ දෙය පියා සමඟ බෙදාගැනීමටයි..

Jk : ඊයෙ අලුතින් ආපු මගේ ක්ලාස් ටීචර්ට මම හුඟාක් කැමතියි පපා..

සොක්ජින්ගේ මුහුනේ කිසියම් හෝ වෙනසක් සිදු වූයේ නෑ..

Jn : පැටියො.. ඊයෙ ගෙදර ආපු වෙලේ ඉඳන් ඔයා ඕක මට කිව්වනෙ..

Jk : ඒත් මම - - - මම එයාට හුඟක් කැමතීනේ පපා..

තම දෙතොල් නොපිට පෙරලාගත් ජන්ග්කුක් දුකින් පැවසුවේ ඔහු සිතූ පරිද්දෙන් ඔහුගේ පියා පුදුම නොවූ නිසායි..

Jn : හරි.. අහන්නකො.. මට හුඟාක් සතුටුයි.. මොකද ඔයා මේ අවුරුදු ගානකටම කැමති උන එකම ක්ලාස් ටීචර් එයානෙ..

Jk : ඔව්.. එයා හුඟක් හැන්ඩ්සම් පපා.. ඒ විතරක් නෙවෙයි ඊයෙ එයා මගෙ කම්මුලක් මිරිකලා මට තෑන්ක්ස් කලත් එක්ක..

සොක්ජින්ගේ වදන් හමුවේ සතුටු වූ ජන්ග්කුක් නැවතත් පැවසුවේ තම පියාගෙ අතින් අදිමිනි.. ජන්ග්කුක් සිනහවන විට ඔහුගේ කම්මුල් වල ගැසෙනා ආකාරය සොක්ජින් බලා සිටියේ දෑස් තුලින් එලියට වැටෙන්නට දඟලන කඳුලු පාලනය කරගෙනයි..

Inevitable Destiny....Where stories live. Discover now