Part 08...

226 35 10
                                    

Jk : ඔතනින් නැගිටිනවා..

ජන්ග්කුක් කෑගැසුවේ කෝපයෙන්.. නමුත් ඔහුව ගනනකට නොගත් නාරා එතනින් නැගිට්ටේ නැහැ..

Jm : මෙතන අපේ තැන නාරා.. ඔයා වෙන තැනකට යන්න..

Naara : ඇයි මම යන්නෙ.. ?? මමයි මුලින්ම ඇවිත් ඉඳගත්තෙ..

ජන්ග්කුක් සහා ජිමින් ඇය ඉදිරියේ නිරුත්තර උනා.. පාසල ආරම්භ වන සීනුව තවමත් නාද වී නොතිබුන නිසා පන්තියෙ ලමුන් තුන් දෙනෙකු හෝ හතර දෙනෙකුට වඩා සිටියේ නෑ..

Naara : තව ඕනි තරම් ඉඩ තියෙනවනේ.. ඒ තැනකට යන්න..

ඔවුන් දෙසවත් නොබලා නාරා පවසන විට ජන්ග්කුක්ගේ ඇස් වල කඳුලු පිරුනා..

Jm : අපි අතනට යමු.. ඒ තැනත් ඉස්සරහනෙ තියෙන්නෙ..

Jk : ම්හ්ම්..

ජන්ග්කුක්ගේ දෑස් වල කඳුලු දැක ජිමින් පැවසුවත් ඔහු හිස දෙපසට වැනුවේ එයට අකමැත්තෙන්..

Naara : ඔහ්.. ගුඩ්මෝනින් නම්ජූන් අංකල්..

Nj : මෝනින් නාරා..

මද සිනහවකින් ඇයට සංග්‍රහා කල නම්ජූන් තවම බෑගයවත් ගලවා නැති ජිමින් සහා ජන්ග්කුක් දෙස බැලුවා..

Nj : ක් - - - ජන්ග්කුක්.. ජිමින්.. ඇයි ඔයාලා හිටගෙන.. ??

ජන්ග්කුක් නම්ජූන් අසලට ලං වුනේ සාදාරනයක් බලාපොරොත්තුවෙන්..

Jk : ඩැඩා.. අර තැන අපේනෙ.. නාරාට එතනින් යන්න කියන්නකො වෙන තැනකට..

ජන්ග්කුක් නම්ජූන්ගේ අතේ එල්ලීගෙන පැවසුවා..

Naara : මම මෙතනින් යන්නෙ නෑ.. ඒ දෙන්නා ආවේ පස්සෙනෙ.. එයාලට වෙන තැනකට යන්න කියන්න..

Nj : කූ බබා අහන්නකො.. එයා මුලින් ඇවිල්ලනෙ.. ඔයාලා අදට වෙන තැනකින් ඉන්න..

තමා දෙස දෑස් විසල් කරගෙන බලා සිටිනා ජන්ග්කුක්ගේ හිස අතගාපු නම්ජූන් පහත් හඬකින් මිමිනුවා..

Jk : ඩ්-ඩැඩා එයාට වි...විතරයි ආදරේ.. ම්-මම තරහ...යි..

නම්ජූන්ගේ අත ඉවත් කල ජන්ග්කුක් හැඬුම් ස්වරයකින් පවසා පන්තියෙන් පිටතට දිව ගියා.. නම්ජූන් ඔහු පසුපසින් යාමට තැත් කලත් ජිමින් ඔහුව නැවැත්තුවා..

Inevitable Destiny....Where stories live. Discover now