Part 19...

276 29 26
                                    

Hs : මට පුදුම හිතුනා ඔයා ජන්ග්කුක්ව මිස්ටර් කිම්ගෙ ගෙදර යවනවා කිව්වම..

Jn : හ්ම්ම්.. ජන්ග්කුක් පිරිමි ලමයෙක්නෙ හෝසක්.. මට බෑ එයාව මගෙ තුරුලෙම හදන්න.. එයා ඉගෙනගන්න ඕන සමාජෙ ගැන.. ඒකයි මම එයාව යවන්න තීරණේ කලේ..

සොක්ජින් පැවසුවේ දිගු සුසුමක් පහත හෙලමින්..

Hs : ඒක ඇත්ත..

Jn : අනික හෝසක් ඒ සිද්දිය වෙලා දැන් හුඟක් කල්නෙ.. මම හිතන්නෙ නෑ ආපහු එයාටවත් මටවත් ප්‍රශ්නයක් වෙයි කියලා..

සොක්ජින් පවසනවිට හෝසක් ඔව් ලෙස පැවසීමට හිස වැනුවා..

Jn : මට මගෙ දරුවා ගැන දුකයි හෝසක්..

Hs : ජන්ග්කුක් ගැන.. ?? ඒත් ඇයි.. ??

Jn : ජන්ග්කුක්ට අවුරුදු පහ සම්පූර්ණ වුන ගමන්ම වගේ මම ජොබ් එකක් කරන්න ගත්තෙ.. එයා මුල් කාලෙ නැනී එක්ක ඉන්නවත් කැමති උනේ නෑ.. මොකද ජන්ග්කුක් හුඟක් හුරු වෙලා හිටියෙ මට.. පස්සෙ ටිකක් කල් යනකොට එයා ඒකට හුරු වුනා.. කුකීගෙ නැනී එන එක එයාට අවුරුදු දොළහෙදි විතර නතර වුනා.. ඊටපස්සෙ එයා ගෙදර හිටියෙ තනියම.. ඒත් ඒ නිසා ජන්ග්කුක්ගෙ නිදහස නැති උනා හෝසක්..

පසුතැවෙන හඬකින් එලෙස පැවසූ සොක්ජින් මොහොතක් හිඳ නැවත හඬ අවදි කලා..

Jn : කුකී නැනී එක්ක කොහෙවත් යන්න කැමති වුනේ නෑ.. එයාට ඕන වුනේ මාත් එක්ක ගෙදරින් එලියට යන්න විතරයි.. මට නිවාඩු වෙලාවට අපි ඉඳලා හිටලා එලියට ගියත් එයා හුඟක් වෙලාවට ගෙදර තනියම හිටියෙ.. මට ලොකු පසුතැවීමක් දැනෙනවා.. මං නිසා ඒ දරුවගෙ ලමා කාලෙ නැති වුනා..

Hs : එහෙම කියන්න එපා ජින්.. ඔයා පුලුවන් තරම් ජන්ග්කුක් වෙනුවෙන් දේවල් කලා.. තාමත් කරනවා.. අනික මේ සේරම ඔයාගෙ විතරක් වැරදි නෙවේනෙ..

Jn : ඒ-ඒත් - - -

ජින්ගේ හඬෙහි ඇති වේදනාත්මක බව වැටහුන නිසාම හෝසක් කතාව වෙන අතකට හරවමින් හඬ අවදි කලා..

Hs : ඒක නෙවෙයි.. දවල් මට හිතුනනෙ ඔයා මිස්ට කිම්ට කතා කරනකොට කලබල වුනා කියලා..

Inevitable Destiny....Unde poveștirile trăiesc. Descoperă acum