Part 10...

245 43 14
                                    

Nj : කෝ හැමෝම මේ පැත්ත බලන්න..

නම්ජූන් ගුරු මේසය අසලට ගොස් හඬ නගා කතා කරනා විට ලමුන් සියල්ලක්ම තම තමන්ගේ වැඩ නවත්වා ඔහුට අවධානය දුන්නා..

Nj : ඔයාලගේ එක්සෑම් පටන් ගන්නවා තව සති දෙකකින්.. ඒක හැමෝම දන්නවනෙ.. ??

All : ඔව් සර්..

නම්ජූන් අසන විට සියල්ලන්ම එකම හඬින් පිලිතුරු දුන්නා..

Nj : ඔයාලට පාඩම් වල මොනාහරි තේරෙන්නෙ නැති දෙයක් තියෙනවනම් ඒ ගැන මගෙන් අහලා දැනගන්න පුලුවන්.. හොඳයි.. දැන් ඔයාලගෙ ඊස්තටික් සබ්ජෙක්ට්ස් වලට යන්න..

නම්ජූන්ගේ අවසරයත් සමගම සියලු ලමුන් ඔවුන්ගේ සෞන්දර්ය විශයන් සඳහා පිටවුනා.. සුපුරුදු ලෙස පන්‍තියේ නම්ජූන් සහ ජන්ග්කුක් පමණක් තනි වුනා..

Nj : කූ බබා.. ඇයි දුකින් ඉන්නෙ.. ??

Jk : මට එක්සෑම්ස් එපා..

Nj : අයිගෝ එහෙම කියලා බෑනෙ.. ඔයා ඩැඩාට බෙස්ට් මාක්ස් අරගෙන පෙන්නන්නෙ නැද්ද.. ??

Jk : මට එහෙම කරන්න ඕන.. ඒත් මට ඉගෙනගන්න බෑ ඩැඩා..

ජන්ග්කුක් දුකින් පැවසුවා.. මීට පෙර දවස් කිහිපයේම ජන්ග්කුක් කෙතරම් පාඩම් කිරීමට උත්සාහ කලත් ඔහුට ඒ කිසිවක් මතක තබාගැනීමට නොහැකි වුනා.. ඒ නිසාම ඔහුගේ බලාපොරොත්තු කඩ වී තිබුනා..

Nj : කවුද කිව්වෙ කූ බබාට ඉගෙනගන්න බෑ කියලා.. ??

Jk : ඩැඩාට කලින් හිටපු හැම ක්ලාස් ටීචම මට එහෙම කිව්වා..

නම්ජූන්ට දැනුනේ පුදුමයක්.. ගුරුවරයෙකු ඒ ආකාරයට ලමුන්ට සලකන්නේ කෙසේදැයි ඔහු කල්පනා කලා..

Jk : ඩැඩානම් එහෙම කියන්න එපා.. මට ඉගෙනගන්න බෑ කියලා කවුරු හරි බනිද්දි හුඟක් දුකයි ඩැඩා.. ඒකයි මම කිසිම ටීච කෙනෙක්ට ආස නැත්තෙ..

ජන්ග්කුක්ගේ හඬ දුකින් බරවී ඇති බව නම්ජූන්ට වැටහුනා.. මින් පෙර සිටි ගුරුවරුන් ගැන නම්ජූන්ට ඇති වුනේ කෝපයක්.. ජන්ග්කුක්ව තම උකුල මතට ගත් නම්ජූන් මොහොතක් ඔහුගේ අතීතය සිහි කලා..

Nj : මේ බලන්න.. ඉගෙනගන්න බැරි කවුරුත් මේ ලෝකෙ නෑ පැටියො.. උත්සාහ කලොත් හැමෝටම ඉගෙනගන්න පුලුවන්.. ඔයා දන්නවද.. ?? ඩැඩාත් කාලයක් ඉගෙනගත්තෙම නෑ..

Inevitable Destiny....Where stories live. Discover now