8

264 51 5
                                    


ඊයේ රෑත් ටේහ්‍යුන්ග් ආවේ නෑ . මන් කෝකටත් උදේට වැඩියෙන් කෑම හැදුවා . ඔව් ඔව් සේරිටත් එක්කම .  මොන මොනවා වෙයිද දන්නේ නෑ ඒත් කෑම බීම හරි සපයන එකට මන් ස්තූති වෙන්න ඔනේ උනා .

ඒත් එයා සේරි එක්ක නම් නෙවේ ආවෙ. ජිමින් එක්ක . කටු බටුස් සහ කොට බටුස් . මට හිනත් යනවා .

කොහොම හරි කෑම මේසේ දැක්ක ගමන් එයාගේ අඇස් උඩ ගියා. suprised? i guess?

ඒඑත් නෑ

" ජියා මන් කිව්වා . මේ වගේ දේවල් අපි අතරේ වෙන්නේ නෑ . කරුනාකරලා මේවා අයින් කරන්න . ආයේ මේවගේ වැඩ කරන්න එපා . අපි ආගන්තුකයෝ විතරයි . ඒක මතක තියාගන්න '
එයා මට බනින්න ගත්තා . ෂිට් මාර ලැජ්ජයි ජිමිනුත් ඉන්නවා .

" excuse  me, mr kim  . මට ඕන උනේ ස්තූති කරන්න මිසක් වෙන දෙයක් නෙවේ "  මන් එහෙම කියලා පැත්තකට උනේ ලැජ්ජාව දරාගන්න බැරුවට.

අඩුම බනිනව නම් කවුරුත් නැති තැනක බැනපන්න්කෝ කටුබටුස්සා . කමක් නෑ . මටත් යසයි

පැත්තකට වෙලා ඉදන් පඩිපෙල නගින සද්දෙ අඇහෙද්දි මන් කිචන් එකට ආවත් ශිට් ශිට් ශිට් ජිමින්ව මූනට හම්බ උනා .

" අහ් ඌ වෙනුවෙන් සමාවෙන්න " ජිමිනා හම්බ උන මුල් දවසට වඩා අද හොද ෆේශල් එක්ස්ප්‍රෙශන් එකක් එයා මට පෙන්නුවා .

" ඒකට කමක් නෑ " මන් එහෙම කියලා කෑම ටික සේරම බොක්‍ස් වලට පැක් කරා . කවුරුත් කන්නේ නැත්තම් මන් වීදි ලමයින්ට මේවා දෙනවා . කොහොමත් දැන් මට නම් පිරියක් නෑ කන්න

" ඔයා ඕවා යාලුවොන්ටද ගෙනියන්නේ " ජිමිනා අඇහුවා . මට තේරෙනවා එයාට එතන වාතාවරනය සන්සුන් කරන්නයි ඕනේ කියලා

" අනිහ් . මේවා වෙන අයට "
සේරම පැක් කරාගෙන් පස්සේ එහෙම කියන ගමන් මන් යද්දි නිකමට ජිමිනට එක බොක්‍ස් එකක් දෙන්නද අඇහුවා .

ඉතින් එයා ගත්තා . 'වක්කඩ වගේ කට නැත්තම් හරි සීදෙවි කොලු පැටියා' . මටම කියාගන්න ගමන් මන්ම හිනා උනා

කටුබටුස් ගේ මැන්ශන් එකේ ඉදන් සෝල් වලට පොඩි දුරයි. මන් පයින් යන්න ගත්තේ ගොඩක් වෙලාවට වීදි දරුවෝ වතුර ගන්න එන තැනට . එතනට ගිහින් මන් කෑම එක දෙක දෙද්දි තව කෙනෙක් මගේ මල්ලෙන් කෑම එකක් අරන් තවබබෙක් ට දුන්නා













" ජිමින් ? "

" දෙහ් . සමාවෙන්න ඔයාව ජජ් කරන්න මන් ඉක්මන් උනා . ඔයාට දුක හිතෙන්න අඇති මන් එහෙම කතා කරද්දි නේද ? . මියනේ "   එයා එහෙම කිව්වේ හරි අමුතු අහින්සක හිනාවක් එක්ක

" ඒකට කමක් නෑ ජිමිනා . දුක හිතෙනව නම් ඒක මන් හිතන විදිහේ වරැද්දක් නේ නැතුව ඔයාගේ නෙවේ "

මන් එහෙම කියලා හිනා උනේ එයාලාගෙ හිතේ මන් ගැන තියෙන්නෙ හොද ප්‍රතිරූපයක් නෙවේ කියලා තේරුන නිසා

" ඒ කිව්වේ ? "

" හහ් මන් නිතරම මට කියාගන්නේ දේකින් දුකක් එනව නම් හිතන විදිහ වෙනස් කරලා ඒ දේ දිහා බලන්න කියලයි " මන් හිනා උනා . අනේ සිමීත ආයෙ නම් ප්‍රශ්න එපා .

tae pov

" උඹ කවද ඉදන්ද බන් මෙහෙම බලු වැඩ කරන්නේ " පැයකින් විතර ආපු ජිමිනා කෑ ගහන්න ගත්තා. මොන ලෝකේ ගිහින් එනවද මන්දා

" අනේ බන් කරුනාකරලා කටවහන් ඉදපන් . මගේ ඔලුවම ගිනිගන්නවා . " ( jimins mind : හැව් හැව් ටොගෙ ඔලුව නෙවේ ගිනි ගන්නෝනේ . )

" ටේ උඹ කරපු දේ වැරදි . ජියා තමුසෙට ස්තූති කරන්නයි ගියේ . ඔයයි ඒක වැරදියට තේරුම් ගත්තේ " ජිමිනා කියනවා එක්ක මන් ඌ දිහා බැලුවා . හරි ඉතින් මට ඕක තේරිලා දැන් විනාඩි තිස් නවයයි තප්පර දෙක්කුත් වෙනවා .

" මන් දන්නවා "

" අඇත්තම කියන්නද . සේරි උඹව වෙනස් කරනවද කොහෙද බන් " එහෙම කියපු ජිමිනා පුටුවෙන් ඉදගත්තා. අනිහ් මගේ වැඩ නිසයි සේරිට රිදෙන්නේ

" උඹ...උඹ රතු වෙලාද බන් ? " ජිමිනා අඇහුවේ මගේ මූන දිහාවටයි අඇද දිහාවටයි මූන ගෙනියන ගමන් . ශිට් මට මතක් උනේ ජියාව බදාගෙන නිදියපු එක .

අයිශ්ශ්ශ්ශ්ශ්ශ්... කරුමයක් උනා මේක මතක් වෙන එක . හරි..











මන් කාමරය වෙනස් කරනවා 😌

TBC.

Waldeinsamkeit (German) :
වනාන්තරයේ තනිව සිටීමේ හැඟීම සහ සොබාදහමට සම්බන්ධ වීම.

Metanoia | KTH Where stories live. Discover now