Chapter 1

1.2K 163 21
                                    

වසරේ අවසානයත් සමග  මුලු ලොවම සීතල  නත්තතලට සැරසෙන්න පටන් අරන්  .   දෙසැම්බර් මාසයේ ආරම්භ‍යත් එක්කම ලන්ඩන් නුවර හිම වැටීමත් ආරම්භ විය . එයින් ලන්ඩන් නුවර තවත් හැඩ වූයේ සීතල තරමක් වැඩි කරමින්  . නමුත් වෙන වසරවල මෙන් නොව මෙම මාසයෙදි සීතල වැඩි බව බොහෝ දෙනාගේ මතයයි .

❄️☃️

" මෙච්චර සීතලක් . මේ මනුස්සයාටත් මේක හෙටම ඕනි උනානෙ . කලින් කිව්ව නම් මොකද  වෙන්නේ "

අවුරුදු 27ක් පමණ වයසැති කඩවසම් තරුණයෙකු ඔහු රැකියාවේ නියැලෙන ස්ථානයේ  අයිතිකරුට බැන වදින්නට වූයේ ඔහුගේ සිතේ ඇති වුන නොරිස්සුම් ගතියත් සමග .

අතේ තිබු උනුසුම් කෝපි කෝප්පයෙන් උගුරක් බොමින් තම නිවසේ විලාසිතා නිර්මාණය කිරීමට වෙන් කර ඇති විශාල කාමරයට පැමිනි ඔහුගේ කලිසමෙහි යමෙක් එල්ලෙනවා මෙන් දැනුන නිසා ඔහු පිටිපස හැරි බැලුවා .

" ඔහ් නෝ බම් බම් . සොරි පැටියෝ මට අමතක උනා ඔයාගේ කිරි එක දෙන්න . අපේ මේ මොට්ට බොසා නිසා තමා ඔක්කොම "

කෝපි කෝප්පය මේසය මත තැබු පසු දැනටම ඇස් බෝල කරමින් ඔහු දෙස බලා සිටින සුරතල් බලු පැටියව ඉක්මනටම තම දෝතට වඩා ගත්තා .

නැවතත් කාමරයෙන් පිටතට පැමින මුලුතැන්ගෙය වෙත ගොස් සිය සුරතලා වෙනුවෙන් කිරි එක හදන්න පටන් ගත්තා .

" සොරි පැටියෝ  . "

බම් බම්ට ඔහුගේ කාමරයේ වෙන් කර තිබූ මෙට්ට මත තබා එහි තිබු බම් බම්ගේ භාජනයට කිරි එක දැමු ඔහු ලොම් කබායක් සුරතලාට පොරවා නැවතත් ඔහු විලාසිතා කාමරයට එන්නට විය .

කඩදාසි කොල දෙක තුනක්  මේසය මතින් දිගහැර අසල තිබූ පෑන අතට ගත් ඔහු කඩදාසි මත ඔහුගේ සිත ඇදුනු ආකාරයට මෝස්තරය එහි අදින්නට විය . සිතෙහි ඇති වූ ආසාව නිසාම ඔහු සතුටින් එහි නිර්මාණය කරමින් කර වටේ ඔතා තිබූ  ටේප් පටිය අතට ගෙන එහි දිග මැනීම ආදි කටයුතු වල නිරතවෙන්නට විය .

ටික වෙලාවකින් පසු ඔහුගේ අවධානය බිදී ගියේ මේසය මත ඇති දුරකථන රින්ග් වෙන නිසාය . ටේප් පටිය නැවත කර මත දා ගත් ඔහු මේසය ලගට ලන් වී දුරකථනය දෙස බැලු ඔහුගේ මුහුණේ හැගීම් විරහිත වී ගියේ ඔහුට ඇමතුම ලබා ගන්නා තැනැත්තාගේ නම තිරය මත දිස් වූ නිසයි .

කොල් එක ආන්ස්වර් කර ෆෝන් එක කනට ගත් පසු අසල තිබූ විශාල ජනේලය ලගට ගොස් කලිසමේ එක් සාක්කුවට අත දා ගත් ඔහු විදුලි පහන්වලින් දැල්වෙන හිම වලින් වැසුනු නගරය රාත්‍රී අසිරිය  දෙස සිය දෑස් යොමු කරන්නට විය .

" හෙලෝ මගේ කුකී පුතේ "

" කියන්න "

හැගීම්බර වදන් හමුවේ කිසිදු තෙත් ගුනයක් නොපෙන්වූ ඔහුගේ සිත හැගීම් රහිත ලෙසින්ම පිලිතුරු දුන්හ .

" ඔයා කෑවද , මොකද කරන්නේ මෙච්චර වෙලා ."

" ඔව් කෑවා . මම වැඩක ඉන්නේ "

" අනේ සමාවෙන්න පුතේ ඔයා වැඩක නම් මම පස්සේ ගන්නම් "

" නෑ ඕනි නෑ  පස්සේ ගන්න . මන් තව ටික්කින් නිදා ගන්නවා "

" හරි පැටියෝ එහෙනම් මම තියන්නම් . මේ රෑ වෙලා එලියට එහෙම යන්න එපා . සීතල වැඩී හොදටම  . ගෙදර් හීටර් වැඩ නේද . හොදට ඇග රස්නෙට ඇදුම් අදින්න . හෙට අනිද්දා  දිහාට හිම කුනාටු එන්න ඉඩ තියෙනවලු ඒ නිසා ගෙදරින් එලියට ගියත් ඉක්මනට ගෙදර එන්න . "

" ම්ම්ම්ම් "

" පුතා මේ..මේ..... ඔයා කැමති නම් මෙහෙ එන්න . අපි දෙන්නට එකට නත්තල සමරන්න පුලුවන් "

එන්නේ නැති බව දැන දැනම ඔහු තම පුතාට ඇරයුම් කරේ ඔහුගේ පිලිතුරෙන් සිත රිදෙන බව දැන දැනමය .

" නෑ එහෙම අවශ්‍යතාවයක් නෑ . මන් තියනවා බායි "

"  පරිස්සමින් ඉන්න ගුඩ් නයිට් කුකී , ලස්සන හීන දකින්න "

ඇමතුම විසන්ධි කර ජන්කුක් දුරකතනය දෙස බලාගෙනම .

-ඔයත් පරිස්සමින් .ගුඩ් නයිට් අප්පා . ලස්සන හීන දකින්න-

කදුලු පිරි දෙනෙතින් යුතුව තමාට කියාගන්නට විය .

තවත් හෝරාවන් කිහිපයකට පසු වැඩ නිමා කර ජන්කුක් නින්දට යන්නට වූයේ හෙට උදෙන්ම ඔහු රැකියා කරන ස්ථානයට ගොස් මෝස්තර ටික බාරදෙන්න හිතාගෙන .


_________________________________________

හෙලෝ මගේ රීඩර් බබාලා ටික..❤️
හොදින් ඉන්නවදෝ .
ඔන්න මේක තමයි ඔයාලට මම නත්තලට දෙන්නම් කියපු කතාව .

Short Ff එකක් . චැපි 3 ,4 කින් වගේ ඉවර කරන්න හිතාගෙන ඉන්නේ .

වෝට් කරලා , අදහස් කියාගෙන යන්න .

  චැප්ටර්ස් ගොඩාක් ලොකු වෙන් නෑ .මම දවස ගානේ අප්ඩෙට් දෙන්න බලන්නම් . වැඩ එක්ක චුට්ටක් අමාරුයි . හැබැයි ඔයාලගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති උනොත් නම් දෙන්නේ නෑ.😒💔

𝐌𝐞𝐦𝐨𝐫𝐢𝐞𝐬 𝐎𝐟 𝐖𝐢𝐧𝐭𝐞𝐫 𝐒𝐧𝐨𝐰┃ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ║ ✓Where stories live. Discover now