Chapter 5

661 132 19
                                    



පිරිසිදු වීමෙන් සුවපහසු ඇදුමකට මාරු උන ටේහ්‍යුන් ස්ලිපර්ස් දෙකකුත් දාගෙන කාමරයෙන් එලියට පැමින නිවසේ මුළුතැන්ගෙය  හොයන්න පටන් ගත්තේ ජන්කුක්ට උදව් වෙන්න ඕන නිසා .

" හියුන් ඉන්න මමත් උදව් කරන්නම් "

ටේහ්‍යුන් මුළුතැන්ගෙයට ඇතුල් වෙන ගමන් කිව්වා .

" ඕනි නෑ ටේහ්‍යුන් . "

" නෑ නෑ මටත් වැඩක් දෙන්න "

" ඔතනින් ඉදගන්න . වොශ් දැම්මා විතරනේ . මම රස්නෙට කෝපි එකක් හදලා දෙන්නම් . ඔයා අද ගොඩක් සීතලේ හිටපු නිසා ලෙඩ වෙයි "

ටෙහ්‍යුන් ඔහුට ඇහුන්කන් නොදෙන වග වැටහුනු නිසා ජන්කුක් මදක් තරවටු කර පසු ටේහ්‍යුන් මූනත් බෙරි කරගෙන පැන්ට්‍රි එක උඩින් ඉදගත්තා . හැබැයි මේ වෙනකන් ජන්කුක් ටේහ්‍යුන් දිහා බැලුවේ නෑ .

" හම්මූ හලි හලි "

" ගුඩ් බෝයි . ඉන්නකෝ මම ඔයාට එතනකන් කුකීස් දෙන්නම් කන්න "

" හා "

" ම්ම් කොහෙද තිබ්බේ මේක "

ජන්කුක් කුස්සිය වටේ හෙව්වත් එයාට කුකීස් හොයාගන්න නොහැකි වුනා . ඒත් ටේහ්‍යුන් නම් මේ වෙද්දි හොයාගෙනයි හිටියේ .

" හියුන්ගි "

" ම්ම් "

" අර අතන "

ටේහ්‍යුන් එයා ඉන්න තැන සිටම අත දිග් කරලා මේසෙ කෙලවර කුකීස් තියනවා පෙන්නුවා. එතකොටයි ජන්කුක් ඔලුව උස්සලා ටේහ්‍යුන් දිහා බැලුවේ .

ටේහ්‍යුන් දිහා බලපු ජන්කුක්ට ඇස් ඉවතට ගැනීමට අකැමැති වූයේ ඒ තරම්ම ටේහ්‍යුන්ගේ පෙනුම හුරතල් නිසා .

ටේහ්‍යුන් දිහා බලපු ජන්කුක්ට ඇස් ඉවතට ගැනීමට අකැමැති වූයේ ඒ තරම්ම ටේහ්‍යුන්ගේ පෙනුම හුරතල් නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐌𝐞𝐦𝐨𝐫𝐢𝐞𝐬 𝐎𝐟 𝐖𝐢𝐧𝐭𝐞𝐫 𝐒𝐧𝐨𝐰┃ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ║ ✓Where stories live. Discover now