Chapter 8

590 127 9
                                    

Chapter 8

( තාම අතීත කාලේ ඉන්නේ )

" ඔම්මා මට බයයි . මට මේ ඉස්කෝලේ යාළුවෝ කවුරුත් නෑ . මම අදුරන කවුරුත් නෑ "

ජන්කුක් එයාගේ අලුත් පන්තිය ඉස්සරහ දොර ලගට වෙලා ඔම්මට කියන්නේ එයා අලුත් ඉස්කෝලෙට කැමති නෑ කියලා .මොකද එයාගේ යාළුවො කවුරුත් නෑ .

" අහන්නකෝ පැටියෝ . ඔන්න බලන්නකෝ ටික දවසක් යද්දි ඔයාට යාළුවෝ ගොඩක් හම්බෙයි . අනිවාරෙන්ම "

යූරා ජන්කුක් ගානටම නැමිලා ජන්කික්ගේ කම්මුලක්  සිනිදුවට අත ගාන ගමන් කිව්වා .

" ඔම්මා කියන දේ හරි පුතේ . බලන්නකෝ අපෙ මේ හා පැංචට කොච්චර යාළුවෝ හම්බෙයිද ඉස්සරහට කියලා . "

මිස්ටර් ජෙයෝන් ජන්කුක් ලගටම නැමිලා බලාපොරොත්තු ඇති කරන ඇස්වලින් ජන්කුක්ට කිව්වා .

" හුම්ම් හරී "

තොල් පෙරලගත්ත ජන්කුක් දුකෙන් මූන බිමට බර කරගත්තේ දැන් මොන දේ කිව්වත් ජන්කුක්ට අනිවාරෙන්ම පන්තියට යන්න වෙන බව එයා දන්න නිසාමයි .

ජන්කුක්ව පන්තියට බාර දීලා ජෙයෝන් කපල් එක ඉස්කෝලෙන් ගියේ හවසට ජන්කුක්ව ගන්න එන පොරොන්දුව මත .

යුරා කිව්වා වගේ ජන්කුක්ට අලුත් යාලුවෝ අද නම් හම්බුනේ නෑ . ජන්කුක් හැමතිස්සෙම වගේ හිටියේ ඔලුව බිමට හරවගත්ත ගමන්මයි .

ටිකෙන් ටික වෙලාව ගෙවිලා විවේක කාලය එලබුනා . හැමෝම කෑම කාලා පිට්ටනියට ගියේ සෙල්ලම් කරන්න . මේ වෙලාවේ ප්‍රාථමික අංශයටම විවේක කාලය නිසා පිට්ටනියේ ලමයි පිරිලා. මේ දිහා ජනෙලෙන් බලන් හිටපු ජන්කුක් පන්තියේ ඉන්න කම්මැලි නිසා පිට්ටනියට ගියා .

පිට්ටනියේ ලොකු ගහක් යටින් වාඩි උන ජන්කුක් ලමයි සෙල්ලම් කරන දිහා බලන් හිටියේ.

" හුන්ගී....!!! "

එකපාරටම ජන්කුක් ගැස්සිලා ගියේ අහලා පුරුදු  පුංචි හුරතල් කටහඩක් ඇහෙනකොට .
ජන්කුක් ඔලුව උස්සලා ඒ පැත්ත බලනකොට දැක්කේ අත් දෙකත් දෙපැත්තට විහිදුවගෙන එය ලගට දුවගෙන එන පුංචි හුරතල් කොලු පැංචෙක් . එදා පාර්ක් එකේදි ජන්කුක් එක්ක හිම බෝල හදපු කෙනා .

𝐌𝐞𝐦𝐨𝐫𝐢𝐞𝐬 𝐎𝐟 𝐖𝐢𝐧𝐭𝐞𝐫 𝐒𝐧𝐨𝐰┃ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ║ ✓Where stories live. Discover now