Chapter 4

681 133 11
                                    




ටෑන්ව අතට ගත් ඔහු ටෑන්ගේ හිස පිරිමදින්න පටන් ගත්හ .

" ඔයාගේ අයිතිකාරයාව ඇහැරවමු "

ටෑන් දෙස බලා සිනාමුසු මුහුණින් විමසුම් කල ජන්කුක් අමුත්තාව ඇහැරවන්න පටන් ගත්තා .

පොරවා තිබු බ්ලැන්කට් එක පසෙකට කර ජන්කුක් ඔහුට වේදනාවක් නොවන ආකාරයෙන් තට්ටු දමා ඔහුව ඇහැරවන්න පටන් ගත්තා . විනාඩි කිහිපයක උත්සහය සාර්ථකත්වත් කරමින් ඔහු නලලට වැටි තිබු කෙස් සිය දෑතින්ම පසකට කර සෙමින් ඇස් අරින්න පටන් ගත්තා .

මීට පෙර ඔහු සිටියේ නවාතැනක් සොයාගන්නට බැරුව පාරේ බවත් , එම අවස්ථාවේදී දැනුන අධික ශීතල වෙනුවට මෙම මොහොතේ සැප පහසු උනුසුම් බවත් ඔහුට දැනුනා . ඒත් කොහොමද මෙවැනි උනුසුමක්...?

තමාගේ සිතින්ම ප්‍රශ්න කරගත් ඔහු දෑන් අරිනවාත් සමගම දුටුවේ දෙතොල් පුරා සිනවක් සමග ඔහු දෙස බලාසිටින කඩවසම් තරුණයෙකුයි , ඔහුගේ දෑත් අතරේ ඉදන්ම ඔහු දෙස බලාසිටින සිය සුරතලා . ටෑන්.

ඒත් සමගම ඒ දැස් කලබලෙන් එහෙ මෙහේ යවමින් ජන්කුක්ගෙන් ඈත් වෙමින් ඔහු සෝෆාව මත බයෙන් මෙන් ඉදගන්නට විය .

" නෑ නෑ බය වෙන්න එපා . මම ඔයාට කරදරයක් කරන් නෑ . ඔයා පාර අයිනේ බංකුවක සිහිය නැතුව ඉන්නවා දැක්කා . ඊට පස්සේ මම ඔයාව එක්කන් ආවා "

ඒ වදන් පෙලත් සමගම මද සැනසීමකට පත් ආගන්තුකයා දෙසට ජන්කුක්ගේ අත් අතර සිටි ටෑන් ඔහු වෙතට පැන්නා . ටේහ්‍යුන් ටෑන්ගේ බූල් අතරේ අත් ගෙන යන ගමන් නැවත් ජන්කුක් දෙස බැලුවා .

" තැන්ක් යූ සෝ මච් මට උදව් කරාට . "

" ඕක මොකද්ද . ආ මේක බොන්න . මම ඔයාට හැදුවේ . මේකේන් ඔයාට තියන සීතල නැති වෙයි "

ජන්කුක් ස්ටූල් එක මත තිබු උනුසුම් චොක්ලට් පානය ඔහුට ලබා දුන්නා . ස්තූති කර එය ලබාගත් ඔහු එය පානය කිරිමට ගන්නවත් සමගම ජන්කුක්ද ඔහුගේ කෝප්පයෙන් උගුරක් බී සෝෆාවේ අනෙක් කෙලවර වාඩි විය .

" මම ජන්කුක් "

" මම ටේහ්‍යුන් . ඔයාව අදුනා ගැනීම සතුටක් මට "

𝐌𝐞𝐦𝐨𝐫𝐢𝐞𝐬 𝐎𝐟 𝐖𝐢𝐧𝐭𝐞𝐫 𝐒𝐧𝐨𝐰┃ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ║ ✓Where stories live. Discover now