Chapter 9

597 152 23
                                    

" එන්න "

ජන්කුක් ටේහ්‍යුන් දිහා බලලා අපහසුවෙන් වගේ හිනා වෙලා අප්පව ගේ ඇතුලට ගත්තා . ඒක මවාගත්ත හිනාවක් කියලා ටේහ්‍යුන්ට අනිවාරෙන්ම කියන්න පුලුවන් .

ඒත් ටේහ්‍යුන් මේ වෙලාවේ හිටියෙ වෙනමම ලෝකෙක .

කුකි..!!

ටේහ්‍යුන් එයාගේ හියුන්ට කියපු නම . පොඩි කාලේ එයත් එක්ක හිටපු හියුන් එයාව දාලා ගියාට පස්සේ ටේහ්‍යුන් ජන්කුක්ව හෙව්වේ නැති තැනක් නෑ . ඉස්කෝලෙන් අහන්නවත් ටේහ්‍යුන් ජන්කුක්ගේ නම දන් නෑ . මොකද එයා දන්නේ එයා දාපු නම විතරයි .

නොදැක්කා උනත් කාලයත් එක්ක ඒ හිත කුකීට එහෙමත් නැත්තන් එයාගේ හියුන්ට බැදුනා . ඒත් ටේහ්‍යුන්ට අදටත් නොතේරෙන් ඒ හැගීමම ජන්කුක්ටත් පොඩි කාලේ ඉදන්ම එයාට දැනෙනවා . ජන්කුක් ඒ හැගීම නම් කරා .

ආදරය කියලා .

" කවුද පුතේ මේ "

මිස්ටර් ජෙයෝන් සෝෆා එකේ ඉදගන්න ගමන් ජන්කුක්ගෙන් ඇහුවේ ටේහ්‍යුන්ව පෙන්නලා .

එත් එක්කම මේ ලෝකේ සිහියට ආපු ටේහ්‍යුන් සෝෆා එකෙන් නැගිටලා ජන්කුක් ලගින් හිටගත්තා

" මේ මගේ යාලුවෙක් . මෙහෙ නවතින්න ආවා "

" ආ පුතා මට කිව්වෙත් නෑ "

" කියන්න තරම් විශේශ දෙයක් නෙවෙයිනේ ඒක . "

කිසිම තෙතමනයක් නැති ඒ කටහඩට ටේහ්‍යුන් ගැස්සුනේ නෑ කිව්වොත් බොරුවක් . මෙච්චර වෙලා ටේහ්‍යුන් එක්ක හොදට හිටපු ජන්කුක්ට මොකද උනේ කියලා ටේහ්‍යුන්ට හිතා ගන්න බැරි උනා .

" ආ ඔව් නේද "

අපහසුවෙන් වගේ හිනා වුන අප්පා සෝෆා එකට හේත්තූ උනා .

" මන් මොනාහරි බොන්න ගේන්නම් "

ජන්කුක් කුස්සියට ගියා .

" අන්කල් "

ටේහ්‍යුන් අප්පට එහා පැත්තේ ඉදගත්තා .

" ඔව් පුතා කියන්න . මම හිතන්නේ පුතා කොරියන් "

" ඔව් අප්පා මම කොරියන් . "

" මට පෙනුමෙන් තෙරුනා . "

එහෙම කියලා අප්පා ජන්කුක්ට ගෙනාපු කුකීස් ටික ස්ටූල් එක උඩින් තිබ්බා .

𝐌𝐞𝐦𝐨𝐫𝐢𝐞𝐬 𝐎𝐟 𝐖𝐢𝐧𝐭𝐞𝐫 𝐒𝐧𝐨𝐰┃ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ║ ✓Where stories live. Discover now