Chapter 11

612 126 13
                                    




" අහ් ම්ම් "

ජන්කුක්ගේ මූනේ රටාවකට ගමන් කරන ටේහ්‍යුන්ගේ ඇගිලි කම්මුලේදි නැවතුනේ ජන්කුක් කෙදිරිලි පිට කරපු නිසා . ඒත් එක්කම ටේ බැලුවේ ජන්කුක්ගේ ඇස් දිහා . ඔව් හරි . ජන්කුක් ඇහැරෙන්න හදන්නේ .

නිදිමත වැඩි නිසා වගේම කලින් දවසේ රෑ අඩපු නිසා වෙන්න ඇති ඇස් දෙක අරින්න අමාරු . ඒත් ජන්කුක් අමාරුවෙන් උනත් ඇස් ඇරියා . ඇස් ඇරපු ගමන් ජන්කුක් දැක්කේ ලස්සන හිනාවක් එක්ක එයා දිහා බලාගෙන එන්න ටේහ්‍යුන්ව .

ජන්කුක් ටේහ්‍යුන්ටත් ඒ විදිහටම හිනා වෙලා ආයෙත් ඇස් පියාගන්න හැදුවේ ජන්කුක්ට තවත් නිදිමතයි . ඒත් තප්පරෙන්ම ජන්කුක් ඇස් ආයෙත් ඇරුනේ ටේහ්‍යුන් දිහා ඇස් ලොකු කරන් බලන ගමන් . හැබැයි ඒකටත් ටේහ්‍යුන්ගෙන් හම්බුනේ ජන්කුක්ට හිනාවක් විතරයි .


" ටේ ටේ ඔයා කොහොමද මගෙ ඇ..දෙ.. අ..නිත් එක...මම.. ඔ...යාගේ..ප.....පුව උඩ....-!!! "


ජන්කුක් කලබල වෙලා . එයාගේ ඇස් කලබලෙන් එහෙ මෙහෙ දුවනවා . ඒ වගේම එයාට වචන පැටලෙනවා .

මේ දේවල් දැක්කම ටේහ්‍යුන්ට ආයෙත් හිනා ගියා .

තප්පර ගානකට පස්සේ පස්සේ ජන්කුක්ට ඊයේ රෑ සිදුවීම් එකින් එක මතකෙට ගලාගෙන ආවා .


" ආයිශ්..! "


ජන්කුක් ආයෙත් ටෙගේ පපුව උඩටම කඩාගෙන වැටුනා .

" මතක් උනාද හියුන් "

ටේහ්‍යුන් ජන්කුක්ගේ ඔලුව අතගාන ගමන් ඇහුවේ හය්යෙන් හිනා වෙන ගමන් .


" හුම්ම්ම් "

ජන්කුක්ගේ ටේගේ පපුව උඩ ඉදන් ඇස් පියාගෙනම උත්තර දුන්නා . ජන්කුක්ට ඕනි උනේ නෑ ටේගේ උනුසුමෙන් අයින් වෙන්න . ඒ වගේම ටේහ්‍යුන්ට ඕනි උනේ නෑ ජන්කුක්ගෙන් ඈත් වෙන්න .

නිශ්ශබ්දව විනාඩි ගානක් ගත උනේ දෙන්නගේ උනුසුම හිතේ හැටියට විද ගන්න ගමන් .

"  හියුන් "

ටේහ්‍යුන් ඔලුව අතගාන ගමන් ජන්කුක්ට කතා කරා .

𝐌𝐞𝐦𝐨𝐫𝐢𝐞𝐬 𝐎𝐟 𝐖𝐢𝐧𝐭𝐞𝐫 𝐒𝐧𝐨𝐰┃ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ║ ✓Unde poveștirile trăiesc. Descoperă acum