Chapter 2

750 148 17
                                    





" මන් ගිහින් එනකන් ඉන්න හරිද ගේ ඇතුලටම වෙලා  . මන් කෑම එක ඔයාගේ පිගානට දැම්මා . හීටර් එක ඔන් කරලා තියෙන්නේ . "

ජන්කුක් තමා හැද සිටි කමිසයට උඩින් තවත් ජැක්ට් දෙක තුනක්ම ඇද ගන්නට වූයේ පෙර දිනයේ මෙන් නොව අද දිනයේ සීතල තවත් වැඩි වී හිම පතනයද වැඩි වී ඇති හෙයින්ය .

" ඔයාව එක්කන් යන්න බෑ බම් බම් . අර බලන්නකෝ එලිය . මන් ඉක්මනටම එනවා .

තවමත් ජන්කුක්ගේ කලිසමෙහි එල්ලී ඔහුගේ සුරතලා කෙදිරි ගාන්නේ ඔහුවද ජන්කුක් සමග රැගෙන යන ලෙසයි .

" කෝ කෝ යන්න . අන්න් ඔයාගේ කිරි එක නිමෙනවා ඒක බොන්න ගිහින් "

ජන්කුක් එක එක කතා පවසමින් බම් බම්ව ඔහු ලගින් යවාගන්න හැදුවත් බම් බම් නම් ඒවට රැවටෙන් නැති හැඩයි . අවසානයේදී ජන්කුක් බම් බම්ව රැගෙන යාමට කැමති වූයේ ඔහුටත් බම් බන්ව ගෙදර තනියම දාලා යන්න හිත නොදුන් නිසා .

බම් බම්වද රැගෙන ගොස් තම මෝටර් රථයේ පැසෙන්ජර් ශීට් එකේ ඉන්දවපු ජන්කුක් තම බෑගය පිටුපස ශීට් එක මත තබා ගමන යන්නට පටන් ගත්තේය .

Time passed ⪢⪢⪢

" ඔහ් තැන්ක් යූ සෝ මච් ජන්කුක් . මේ වගේ කාලගුණයක් තියෙද්දිත් ඔයා ඔෆිස් එකටම ඇවිත් මේක දුන්න එකට . අලුත් අවුරුද්ද ලග එන නිසා දැන් ඉතින් පොඩ්ඩක් වැඩ වැඩි . "

" ඒ උනාට සර් මට දවස් දෙක තුනකට කලින්වත් කියන්න මේ වගේ දෙයක් ඕනි උනාම . ඊයෙර් මන් ඕක හදිස්සියට ඩිසයින් කරේ . අනිත් එක මම නිවාඩු දාලා ඉන්නේ නත්තල් ඉවර වෙනකන් "

තම ආයතන ප්‍රධානියා පිලිබව සිතෙහි ඇති වුන නොරිස්සුම් ස්වාභාවයත් එක්කම ජන්කුක් කතා කරන්න විය .

" ඔව් ඒක නම් ඇත්ත තමා . මන් ඔයාට ඒ වෙනුවෙන් තවත් අලුත් අවුරුද්ද පටන් ගන්නකන්ම නිවාඩු දෙන්නම්කෝ . අනිත් එක මේ ඩිසයින් ටිකක් ගොඩක් ලස්සනයි . "

" හ්ම්ම් . "

" හරි ජන්කුක් දැන් මේ තේ එක බොන්නකෝ "

ආයතන ප්‍රධානියා ජන්කුක්ව සන්සුන් කිරීමේ අරමුනින්  ට්‍රේ එක මත තිබූ තේ එක ජන්කුක්ට දිගු කරන්නට විය . තේ එක අතට ගත් ජන්කුක් එයින් උගුරක් බී ලෙදර් සෝෆාවට හේත්තු වෙන්න වූයේ කකුලක් මත කකුලක් දා ගනිමින් .

𝐌𝐞𝐦𝐨𝐫𝐢𝐞𝐬 𝐎𝐟 𝐖𝐢𝐧𝐭𝐞𝐫 𝐒𝐧𝐨𝐰┃ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ║ ✓Where stories live. Discover now