Chapter 7

582 124 19
                                    


Chapter 7

" ශීත හිමවල මතයන්  "
" Memories Of Winter Snow "

" කැමතිද අහන්න. "

ජන්කුක් රිමෝට් එක ඇරන් ටීවි එක ඕෆ් කරලා ටේහ්‍යුන් දිහා බලාගෙන ඇහුවා.

" ම්ම් ඔව් අනිවාරෙන්ම . "

ලොකු හුස්මක් හෙලපු ජන්කුක් එයාගේ කතාව පටන් ගත්තා .
එයාගේ වින්ටර් බෙයාව හම්බුන විදිහ , එයාගේ ජිවිතේම වුන විදිහ .

ටේහ්‍යුන් ජන්කුක් දිහා උනන්දුවෙන් බැලුවා . හේතුවක් නොදැන උනත් ජන්කුක්ගේ කතාව අහන්න ටේහ්‍යුන්ගේ හදවතට ඕනි උනා .

" දැනට අවුරුදු 19කට කලින් . පවුලේ හිටියේ මායි ඔම්මයි අප්පයි  . අපි මුලින්ම හිටියේ බූසාන්වල . මගේ අප්පා ලෝයර් කෙනෙක් . අප්පගේ ට්‍රාන්ස්ෆර් එක හම්බුනේ සෝල්වලට . අපි සෝල්වලට ගියෙත් දෙසැම්බර් මාසේ . "



≪....අවුරුදු 19කට පෙර....≫



" මගේ ජන්කූ පැටියෝ . අපි යමු නේද . දැන් හිටියනේ ගොඩක් වෙලා "

මිසිස් ජෙයෝන් එහෙම නැත්තන් ජන්කුක්ගේ ඔම්මා එයගේ පුංචි ජන්කුක්ට ගෙදර යමු කිව්වේ දැන් ගොඩක් වෙලා ඉදන් ජන්කුක් හිම සෙල්ලම් කරන නිසා

" අනි ඔම්මා . තා චුට්ටක් . ගිව් මී පයිව් මිනිට් . ප්වීශ් "

ජන්කුක් එයාට චුට්ටක් එහායි බංකුවේ ඉදගෙන ඉන්න එයාගේ ඔම්මට පුලුවන් තරම් කියුට් මූනක් හදාගෙන කිව්වේ එයාට තවත් සෙල්ලම් කරන්න ඕන නිසා .

මිසිස් ජෙයෝනුත් එයාගේ පුතාගේ හුරතල් කමට හොදටම රැවටුනා .


" ඕකේ ඕකේ . ගොඩක් වෙලා බෑ . ඔන්ලි ෆයිව් මිනිට්ස් . ඕකේ..? "

" ඕකේ ඔම්මා . ලා යූ "

ජන්කුක් ඔම්මට ෆ්ලයින් කිස් එකක් දීලා ආයේත් එයා හිම වලිම් පුංචි පුංචි හිම බබාලව හදන්න ගත්තා . එයාගේ වටේට චූටි චූටි හිම බබාලා .

ජෙයෝන් ෆැමිලි එක දැන් සෝල්වලට ඇවිත් දවස් දෙකක් . මිස්ටර් ජෙයෝන් එයාගේ අලුත් වැඩවලට ගෙදරින් පිට යද්දි මිසිස් ජෙයෝන් ජන්කුක්ව එක්කන් පාක් එකට ආවේ එයාට ජන්කුක්ට ගෙදරින් එලියට යන්න ඕනි කියලා ඉල්ලපු නිසා .

𝐌𝐞𝐦𝐨𝐫𝐢𝐞𝐬 𝐎𝐟 𝐖𝐢𝐧𝐭𝐞𝐫 𝐒𝐧𝐨𝐰┃ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ║ ✓Where stories live. Discover now