|09|

795 95 5
                                    

"නෑ නෑ බං මම දන්නෑ මොකක් වුණාද කියලා. වූශික් හ්‍යුන්ග් කිව්වා ලොකුවට අමාරුවක් නෑ කියලා.. "

............

"ඔව් ඔව් උඹ නම් කියයි.. හැබැයි යුන්ගියා ඒ ලිප්ස් දැක්කම නම් කිස් කරන්නමයි හිතෙන්නෙ.. "

.............

"අනේ පලයන් යන්න.. 😂 තොල් දෙකත් උල් කරන් මට හොරෙන් බනිනවා දකිද්දි නම් කෝමත් තව ගොඩක් කල් ඉවසන්න පුළුවන් වෙන එකක් නෑ මට.. "

.............

"හරි හරි මම තියනවා. 😂 අන්න්‍යොන්ග්... "

අන්ධකාර ලෝකෙන් මිදිලා හරි සිහියට ආව ගමන් මට ඇහුණෙ කවුරු හරි තනියෙන් කියවනවා. ටිකක් වෙලා ගියාමයි තේරුනේ ඒක කෝල් එකක් වගේම ඒ කටහඬේ අයිතිකාරයා කිම් ටේහ්‍යුන්ග් කියලා... වෙයිට්... වට්ට්ට්... එයා කිව්වෙ ඒ කාව කිස් කරන හිතෙනවා කියලද... ශුවර් එකටම කවුරු හරි කෙල්ලෙක්ට පැණි හලනවා ඇති.. හහ්.. ඇඹලයා... 😒 ආයිශ්... ඇයි එහෙම හිතෙද්දි මගෙ ලේ කෝප වෙනවා වගේ දැනෙන්නෙ. මල මඟුලක් වුණානෙ මේක..

" අහ් ජන්කුක්.. ඔයා ඇහැරුනාද.. ? දැන් කොහොමද දැනෙන්නෙ ? මොනා හරි අපහසුවක් තියෙනවද ? "

කෝල් එක ඉවර කරලා කිම්කාරයා මගෙ පැත්ත හැරිලා සතිඅග පත්තරෙන් වගේ එක දිගට ප්‍රශ්න අහද්දි තමයි මම පියවි සිහියට ආවෙ..

" දැන් නම් ප්‍රශ්නයක් නෑ සර්.. සමාවෙන්න සර්ට අපහසුතාවයක් වුණා නම්.. "

එහෙම කියන ගමන් මම ඇඳෙන් නැගිටින්න හැදුවෙ සිහිය ආවට පස්සෙ මම ඉන්නෙ කිම්කාරයගෙ ප්‍රයිවට් රූම් එකේ එයාගෙ ඇඳේ නිදාගෙන කියලා තේරුම් ගත්ත නිසා.. ඒත් ඉතින් මට නැගිටින්න වුණේ නෑ මිසයිලයක් වගේ ආව කිම්කාරයා මාව ආයෙම ඇඳටම දාලා මගෙ අත් දෙකත් දෙපැත්තෙන් පින් කරලා මගෙ මූණ ගාවටම පාත් වෙලා මගෙ හාට්බීට් එක රේස් දුවන්න සැලස්සෙව්වා..😒 වුණේ මොකක්ද කියලා තේරුම් ගන්නම මට ටිකක් වෙලා ගියා..

"ස..සර්.. "

වුණ දේ තේරුන ගමන්ම මම කියන්න දෙයක් හෙව්වා... චණ්ඩියත් නොණ්ඩියා වෙනවා කියන්නෙ මේවට තමයි.. හත් දෙයියනේ මේ ජියෝන් ජන්කුක් කොල්ලෙක්ගෙ යටට වෙලා කතා කරන්න වචන ඇහිඳින දවසක් එයි කියලා කවුද හිතුවේ.. ඊටත් වඩා මේ උඩ ඉන්නෙ කිම් ටේහ්‍යුන්ග්!!!

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now