|14|

755 95 0
                                    

මම යද්දිත් ටේට හොඳටම උණ. කලින් සෝහුලගෙ ගෙදර ගිහින් තියෙන නිසාම හොඳයි.එයාලගෙ ගෙදර වැඩට ඉන්න අජුම්මා මාව දන්න නිසා ආපු ගමන්ම ටේගෙ කාමරේට ආවා. මේ මනුස්සයා අජුම්මටවත් කියලා නෑනෙ අසනීපයි කියලා . අජුම්මට ඩොක්ටර් කෙනෙක්ව ගෙන්නන්න කියලා මම වතුර බේසමක් උස්සන් ආවෙ පොඩ්ඩක් තවන්න කියලා හිතලා.. මේකා ශර්ට් එකකවත් නැතුව නිදාගෙන තියෙන්නෙ . අමාරු වැඩිකමටම කෙඳිරි ගගා ඉන්නවා. හරියට සිහියවත් නෑ.. මම තවල ඉවර වෙද්දිම වගේ අජුම්මා ඩොක්ටර්ත් එක්කම කාමරේට ආවෙ ටේගෙ ලාවට පැක්ස් පේන, දැක්කම හිත ඇදීලා යන ටෑන් කලර් ස්කින් එකත් එක්ක තියෙන ඇඟ දැකලා මම රතු වෙලා ඉන්න කොට..
ඩොක්ටර් බෙහෙතුත් දුන්නම ඒවත් සුප් එකක් පොවලම බොන්න දීලා මම ගෙදර එන්න ආවෙ මොනා වුණත් අම්මා තනියම නිසාම මම ගෙදරින් පිට ඉන්නෙම නැති තරම් නිසා..

මම එනකන්ම ඇහැරිලා හිටියේ නැති හින්දයි යද්දි සිහියක් තිබ්බෙ නැති හින්දයි සමහර විට එයා දන්නෙත් නැතුව ඇති මම එයා ළඟ හිටියා කියලා .. ඒක එහෙමයි කියලා ඊළඟ දවසෙ උදේ මට හොඳටම ඔප්පු වුණේ බෝනස් එක්කමයි.. ටේ වෙනදා වගේම ඔෆිස් ආවා. හැබැයි මගෙ දිහා බැලුවෙවත් නෑ.. අඩුම උදේ මැසේජ් එකක්වත් දාලා තිබුණෙත් නෑ.. සමහර විට මම කරේ එච්චර ලොකු දෙයක් නෙවෙයි වෙන්නැති .. එයාට එහෙම ලොකුවට ලෙඩ ගතියක් තිබුණෙ නෑ.. ඒ කියන්නේ දැන් එයාට හොඳ ඇති .. අනේ කොච්චර හොඳ ද ඒක...

එයා අද මීටින්ග් රූම් එකට ආවෙ තනියමත් නෙවෙයි.. මාකර්ටින්ග් සෙක්ශන් එකේ හිටියට හැමදාම වගේ future plans ගැන කතා කරන්න තියන මීටින්ග් එකට මාත් එනවා.. නම්ජුන් සර් නැත්නම් ටේත් එනවා.. ඉතින් අදත් ආවෙ ටේ තමයි. හැබැයි ලස්සන හුරුබුහුටි ගෑනු ළමයෙක් එක්කමයි.. එයා හිටියේ ටේගෙ අතේ එල්ලිලා.. ඒත් ඇයි ඒක දැකලා මගෙ පපුව රිදෙන්නෙ ? ඇයි මට ඊරිසියාවක් දැනෙන්නෙ ?

හ්ම්ම්ම්.. ඒ ආවෙ මිස් මින් යූරා.. යුන්ගි හ්‍යුන්ග්ගෙ නංගි.. එයාලගෙ හොටෙල්ස් එක්ක එකතු වෙලා කරන ප්‍රොජෙක්ට් එක භාරව ඉන්නෙ එයාලු.. මගෙ කරුමෙකට අපේ කම්පැනි එකේ ප්‍රොජෙක්ට් ටීම් එකට මාවත් වැටුණා.. මට බෑ දෙයියනේ ඒ කෙල්ලගෙ මූණ බලන් එකට වැඩ කරන්න.. එයාගෙ වැරැද්දක් නෑ තමයි.. සම්පූර්ණ වැරැද්ද මගේ.. විකාර ෆීලින්ග්ස්වලින් හිත පුරව ගත්තේ මම.. ඒත් එයා ටේ එක්ක ආව විදිය මතක් වෙද්දි මට ඒ කෙල්ලට දුෂ්ටකම් කරන්න හිතෙනවා.. මට ඕන නෑ නරක කෙනෙක් වෙන්න.. අනික යුන්ගි හ්‍යුන්ග් වගේ හොඳ කෙනෙක්ගෙ නංගිට වෛර කරන්න.. එයත් අනිවාර්යයෙන් ම හොඳ කෙනෙක් වෙන්නැති.. ඒ නිසා හොඳ ම දේ මේකෙන් අයින් වෙලා ඉන්න එක...

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now