|22|

742 88 10
                                    

"චූටි පුතා.. නැගිටින්නකො දරුවො.."

"අනේ තා චුට්ටක් දෝ ගන්න දෙන්න ඔම්මා..."

ඊයෙ ගෙදර ඇවිත් නාලා රෑටත් නොකා නිදාගත්ත පාර තාම මේ ඉන්නෙ. ඔම්මා සාලෙ ඉඳන් කෑ ගහනවා ඇහුනත් මම ආයෙ කොට්ටෙ අරන් ඔළුව වහගෙන දැන්ම නැගිටින්න බෑ කියලා කෑ ගැහුවා. අනික අද සෙනසුරාදා 😒 දැන්ම නම් කෝමත් ඇහැරෙන්න බෑ.

"ඒකට කමක් නෑ ඔම්මා..! තව ටිකක් නිදාගත්තාවෙ නිවාඩු දවසෙ. පවුනෙ. "

පොඩ්ඩක් ඉන්න ! ඒ කටහඬ ! කිම් ටේහ්‍යුන්ග් !! දෙයියනේ මං හීනයක් බල බල ද ඉන්නෙ 😫 නැත්නම් මගෙ ගේ ඇතුලෙන් ඒ මනුස්සයගෙ සද්දෙ ඇහෙන්නෙ කොහොමද ??

"ඒ වුණාට පුතා.. එහෙම හරියන්නෙ නෑනෙ. පුතා ඇවිල්ලත් දැන් පැය බාගෙකට වැඩී. සෝහු පුතා ආවා නම් ඔහොම ඇහැරෙනකන් බලන් ඉන්නෑ . වතුර එකක් ගහල හරි ඇහැරවනවා මිසක් 😂 "

හරි මේක නම් හීනයක් ම තමා. ඒකනේ මට ඔම්මත් ඒවට උත්තර දෙනවා ඇහෙන්නෙ. සෝහුවෙක් ගැනත් කියනවා ඒ අස්සෙ.. මල විකාර හිත හිත ඉඳලා නිදිමතත් ලෙප්ට් වුන හින්දා ඔක්කොම අමතක වෙන්නත් එක්ක මම නාගන්න කියලා ඇටෑච් බාත් රූම් එක ඇතුළට රිංග ගත්තා. ආතල් එකේ හිච්චි කොන්සර්ට් එකකුත් කරලම නාලා ඉවර වෙලා මම ටවල් එකත් ඇඳන් පස්සත් වන වන ඩාන්ස් එකකුත් දාන් එළියට ආවෙ බාත් රූම් යද්දි කවදාවත් ඇඳුම් අරන් යන පුරුද්දක් නැති හින්ද. ඒත් එළියට ආව ගමන් දැක්ක දේට මාව එකතැන ගල් වෙලා ගියා...

.......

මලෝත්තයි දෙයියනේ 🥲 දැන් නම් මගෙ ඇස් දෙකත් මාරු කරන්න වෙනවා. ඒකනේ මට මගෙ ඇඳේ වාඩිවෙලා බාත් රූම් එක පැත්ත බලන් ඉන්න ටේහ්‍යුන්ග් කෙනෙක්ව පේන්නෙ. මැවිලා පේන එකෙත් මේ මනුස්සයා හැන්ඩ්සම්නෙ දෙයියනේ 😒 ඒ කම්මුල් දෙක දැක්කම පොඩ්ඩක් අල්ලලා බලන්නමයි හිතෙන්නෙ . ඔන්න ඔහේ අල්ලලා බලමු ජන්කුකා 😌. ඔයාගේ මනෝපාරවල්වල ඉන්න ටේව රියල් වගේනෙ පේන්නෙ අනික.. එහෙම හිතලා මම ඇඳ ගාවට ගිහින් මට මැවිච්ච ටේහ්‍යුන්ගේ කම්මුලක් ඇල්ලුවා ! මොකක් ඒවා අතට දැනෙනවනෙ දෙයියනේ 😫 ඒ කොහොමද ? මම ආයෙ අත තද කරලත් බැලුවා..

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now