Chapter 01

232 23 10
                                    

"නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගෙ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සද නුඹට දුක නොහිතුනාට...

"ටහික්-කෙන්න යකෝ කවුද පරයො මගෙ කොලර් එකෙන් ඇල්...."

"ආගිව්‍ය අයියලා එනවා බන් . ඉක්මන්ට වරෙං"

ආතල් එකේ ඉස්කෝලේ බැල්කනියෙ ඉදන් සුලං වැදි වැදි මැද මිදුලෙ තියන Sylvester Gozzolini පිළිමෙ දිහා බලන් මේ දවස් වල ආසම සින්දුව මුමුන මුමුන හිටිය මං පන්තියට දිව්වෙ පාසල් ප්‍රධාන සිස්ස නායක ආගිව්‍ය ඉසිවර නිම්නතාරක විශ්වාධිසිංහ පඩිපෙල නැගගෙන වඩිනවා කියලා මගෙ අපාය සහයක යම කින්ග්ගෙ BL Fan භවන්තයා කිව්ව නිසා .

චීටාගෙ මනුස්ස වර්ශන් එක දා ගත්ත මං කෙලින්ම ගියෙ C1 එකට නෙවෙයි C2 එකට . යකෝ මේ ලබ්බෙ පුටුත් නැ . හදිස්සියට ඉඩ තියන තැනක් හොයා ගන්නත් බෑ .

"මෙවන් මොකද යකෝ කලිසම අස්සට දිඹි ගොට්ටක් වැටුනා වගේ කැරකෙන්නෙ"

අවන්තයා භාග්‍ය ගාව ඉදන් ඇහුව්වෙ තොට වරෙං දිඹි ගොට්ට පෙන්නන්නම් වර්ශන් එකෙන් මං ඌ දිහා බලද්දි .

"ඉඩක් දීපං හු*** "

මං පිටිපස්සෙ පෝලීමේ හිටිය අවන්තයි භාග්‍යයි අතරමැදට ගිහින් කිව්වෙ කොමස් එකේ වීදුරූ දොර සරාං ගාලා ඇරෙද්දි .

"හුටා~"

ඉදගත්තා . මේ සිත්රූ මෙවන් අනුරාධට පුටුවක් නොවන පුටුවක් හම්බුනා . දැන් අල්ලයි මගෙ නැට්ට විශ්වාධිසිංහ බුම්මට්ටා .

"වලත්තයෝ මගෙ කකුල හු***"

"හිටපං යකෝ ටිකක් අර ගෝල්ඩ්බැජ් එලියට යනකම් "

"Good Morning Boys ! Today commerce C2 class should go to the middle yard...
Hurryup !"

"ආවුච් හු*** - මගෙ පස්ස"

ආගිව්‍ය අයියා හරිඅප් කියලා කිව්වා විතරයි අර තණකොල කන ගොටුකොල චිම්පන්චියා කකුල අරන් නැගිට්ටා .

යකුහ් මං ඉදගන හිටියෙ අවන්තයගෙයි භාග්‍යගෙයි කකුල් දෙක උඩ . අවන්තයා කකුල ගත්තා විතරයි එක පස්සක් බැලන්ස් නැතුව සුසිනිදු සුකුමාල මනලෝලී මේ සිත්රූ රතු නිල් සුදු ඉස්කෝලේ භූමී භාගය මගෙ පශ්චාත් භාගෙන් සිප ගත්තා .

අධිමාත්‍රWhere stories live. Discover now