Chapter 03

134 20 7
                                    

ඊයේ හවස ආගිව්‍ය අයියලා කියපු කතාව නිසා මට ප්‍රිෆෙක්ට් බෝර්ඩ් ඇප්ලයි කරන්න හිතුනා . ඒත් යටිහිත කියනවා එපා යකෝ උබ ඔය කුණ්ඩවාලයක් බලෙන් බෙල්ලෙ එල්ලගන්නෙ කියලා .

"අම්මම්මෙ"

මම ගෙදර ඇවිත් නාලා කරලා මගෙ කෙල්ලව හොයන් ගියා . ඔය ඉන්නෙ සුදුවට සුදුවෙ තේකක් හද හද .
මං අම්මම්මව ගිහින් පිටිපස්සෙන් බදාගත්තා . හරිම සනීපයි .

"සුදු මහත්තයා අත පිච්චෙයි දරුවෝ"

"ම්ම්හ්ම්~"

"අම්මම්මෙ "

"ම්ම්ම්ම් "

"සුදු මහත්තයා ප්‍රිෆෙක්ට් බෝර්ඩ් එකට ඇප්ලයි කරන්නද අනේ "

"ඔයා කැමතිනම් කරන්න දරුවෝ . ඉස්කෝලේ කාලෙන් පස්සෙ ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න බෑනෙ "

අම්මම්මා කිව්ව කතාවෙත් ඇත්තක් තියනවා . ඉස්කෝලේ කාලේ කරන්න තියන ඒවා ඒ කාලේ කරන්න ඕනේ . අනෙ මගෙ කෙල්ලට විතරයි මොලේ තිබුනෙ

"අම්මම්මා තමා බෙස්ට්ම . කො එන්න සුවං එකක් දෙන්න මගෙ ලමිස්සිට . "

මං අම්මම්මට කිස් එකක් දීලා හදපු තේකත් අරන් බිස්කට් ටින් එකත් ලග තියන් කුස්සියෙ අයිනෙ තිබුන පුටුවෙන් ඉදගත්තා .
මේක තමයි මගෙ දින චර්යාව. අනිත් ළමයි කරන්නෙ අම්මා එක්ක කියවන එක මෙහෙම ඉදගන . ඒත් මම ~ මාත් මගෙ අම්මා එක්ක තමයි කියව කියව ඉන්නෙ. අම්මමට මාව වදන්න බැරි වුනාට ඉපදුන දවසෙ ඉදන් මාව හැදුවනෙ .

මං කිරි එකේ චොක්ලට් බිස්කට් පොගවන් කෑවා . මේ කිරි එක තමා දවසම මගෙ මහන්සිය නිවන්නෙ . ඒක මැජික් එකක් කිව්වොත් මම හරි . මොකද මේ කිරි එකේ පිටි සීනී වතුර විතරක් නෙවෙයි එයාගෙ ආදරේත් තියනවා කියලා මං දන්නවා .

උදේ මම ඉස්කෝලේ ගියාම ආයම රෑ වෙනවා ගෙදරට එද්දි . එතකන් එයා ගෙදර ඉස්තෝප්පුවෙ තියන පුටුවට වෙලා බණ පොතක් කියවන ගමන් මම ගෙදර එනකම් බලාගන ඉන්නවා . අම්මම්මට පාලු ඇති . මං ඒක දන්නවා .

"සුදු මහත්තයා ~ "

"ම්ම්ම්ම්~ "

"අනිද්දට සීයතාත්ති නැති වෙලා අවුරුදු හතරයි ."

අධිමාත්‍රWhere stories live. Discover now