chapter 05

156 17 21
                                    

අම්මමයි මායි දෙන්නම ධානේ හදලා ලෑස්ති වුනේ ගැටබෙ පන්සලට යන්න . අම්මම්මා උදේ හීල් ධානේ හදලා ගමේ පන්සලට ගෙනියව්වා . පව් එයා . සීයතාත්තා නැතුව පාලු ඇති . මටත් පාලුයි අම්මම්මෙහ් . අපි දෙන්නම එකම බෝට්ටුවෙ .

ටැක්සි එකක් හයර් කරන් අපි දෙන්නා ගැටබෙ පන්සලට ආවා .පහල ධානේ පූජා කරලා අපි උඩට වෙලා ටිකක් ඉදගන හිටියා . පන්සලේ බැම්මට එහා පැත්තෙන් මහවැලිය ගලාගන යනවා . මං ගග දිහා බලාගන හිටියා . ගග ඔහේ ගලාගන යනවා . ගැටබෙ පන්සල හදුන්කූරූ සුවදයි . ඒ සුවදට ඇත්තටම 🥲🥲හිත නිවෙනවා . මං ගග දිහා බලන් ඉන්නකම් අම්මම්මා ගිහින් උඩ තිබුන බුදුපිලිම වහන්සෙටත් වැදලා මල් පූජා කරලා එතන ඉදන් ලොකූ ප්‍රාර්ථනාවක් කරනවා .

"සිත්රූ"

"අයියෙ"

මං වලාකුලු බැම්ම ලගට වෙලා අම්මම්මා දිහා බලන් ඉද්දි සනේශ් අයියයි ආගිව්‍ය අයියයි ආවා . හිත ගොඩක් බර වෙලා තිබ්බ වෙලාවෙ ආගිව්‍ය අයියගෙ කටහඩට මගෙ හිතට සැනසීමක් දැනුනා . ආගිව්‍ය අයියලා මං ලගටම ආවා . මේ මනුස්සයගෙ මේ ලැවෙන්ඩර් සුවදටනෙ මං වශී වෙන්නෙ .

"අත්තම්මා කොයි මල්ලි "

සනේශ් අයියටත් තේරිලාද කොහෙද මං දුකෙන් කියලා . එයත් වෙනද වගේ විහිලු කරේ නැ .

" බුදුපිළිම වහන්සෙ ලග අයියෙ . වදිනවා"

"අහ් මං අරෙහෙට ගිහින් එන්නම් මචං. කෝල් එකක් ගන්න තියෙනවා "

සනේශ් අයියා එහෙම කියලා හදුන්කූරූ පහන් පත්තු කරන පැත්තට ගියා . ආගිව්‍ය අයියා නිල් පාට ඩෙනිම් ට්‍රව්සර් එකට තනි සුදු අත් දිග ශර්ට් එකක් ඇදලා අත් වැලමිට ලගට වෙනකම් නවලා . මේ මනුස්සයා පිං පාටයි දෙවියනේ .

"සිත්රූ "

"ම්ම්ම්"

" අපි හැමදේටම මුහුණ දෙන්න එපැයි බන් . මූඩ් ගහලා ඉන් නැතුව යං බෝමලුවට . "

මේ මනුස්සයට ඍදි බලයක් තියනවද මන් දන් නැ . මං ඇත්තටම දුකෙන් හිටියෙ . අපේ පුංචිවට තිබුන ලස්සන පවුල නැති වෙලා ගිහින් . අම්මමයි මායි තනි වෙලා .

අධිමාත්‍රWhere stories live. Discover now