Chapter 08

124 19 2
                                    

බ්‍රහස්පතින්දා ප්‍රිෆෙක්ට්ස්ලට Badge planting training එක තිබ්බා .ආගිව්‍ය අයියා කිව්වා ගෙදර ඉදලා රෙස්ට් කරපං හෙට ලොකු දෙයක් නැ කියලා මං ඉතිං ගෙදරට වෙලා කාර්ටුන් බැලුවා .

අද සිකුරාදා . බස් හෝල්ට් එකේ හිටගන ඉද්දි ඈතින් පේනවා 654 CTB බස් එක එනවා නිකන්  චෙන්නයි එක්ස්ප්‍රස් ට්‍රේන් එක වගෙ . යකෝ දැන් මේකේ බ්ලේසර් එකත් අරන් කොහොමද ඕයි මං යන්නෙ කියපන්කො . බ්ලේසර් එක පොඩි වෙන් නැතුව මේ බස් එක ඇතුලෙදි බේරගන්නවා කියන්නෙ කොමස් කරපු මං ගිහින් ආගිව්‍ය අයියගෙ කෙමස්ට්‍රි පේපරයක් ලියනවා වගේ වැඩක් . ඉන්ස්පෙක්ටර් ලකීට අනුව කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩ යකෝ මෙව්වා.

කොහොම හරි බස් එක ඇවිත් නැවැත්තුවට පස්සෙ මං ගිහින් කෙල්ලො ටිකයි අංකල්ලා ටිකයි බස් එකට නගිනකම් ඉඩ දීලා බස් එකට නගින්න යද්දි අදුරන් නැති කාර් එකක් බස් එකට පිටිපස්සෙන් හෝන් කරනවා .

" සිත්රූ .....මල්ලෙහ් "

න්දකිම්ම්ම් ආයෙත් අර ගෑණු නම. මහ කැස්වටුවගෙ පොඩි එකා ඔය කතා කරන්නෙ . මං ශේප් එකේ මං නෙවෙයි වගේ හැරිලා බැලුවා . සනේශ් අයියා කාර් එකෙන් උගෙ සික්ස්පැක් බොඩි එකම එලියට දාගන කාටදෝ කොල්ලෙක්ට කතා කරනවා . හු*තා ඇයි පගෝ  ඔය ගෑණු නම විතරක් මට කියන්නෙ . මුං උදේ පාන්දර මගෙ ප්‍රෙශර් නග්ගනවා .

මං හෙමින් සීරූවේ කාර් එක ලගට ගියා . දෙයියො බැලුවා හැබැයි මට ලොකු සැනසීමක් දැනුනා . දැන් ඉතිං අති උත්තම සිත්රූ බබා වගේ සැපේ යන්න තමා තියෙන්නෙ . පෙර කරපු පිං ඩෝ මෙව්වා . සැප සැප .

" ඔය බ්ලේසර් එක පිටිපස්සට දාලා නැගපන් පොඩි එකා "

" හිටපන් නගිනකම් අයියෙ . උබටත් විසේනේ . ඇයි ඔච්චර හදිස්සි"

මං බ්ලේසර් එක කාර් එකේ පිටිපස්සට දාලා සනේශ් අයියට එහා පැත්තෙන් නැග්ගා .

"හදිස්සි තමයි බොල තොපිට වගේ නෙවෙයිනෙ අපිට වැඩ තියනවා මල්ලෙහ් "

" දැන් ඔයා මේ මට කියන්නෙ මං නිකමෙක් කියලද ?"

සනේශ් අයියා කින්ඩියට හිනා වෙලා එක අතක්  එයාගෙ කටු කොණ්ඩෙ පිටිපස්සට යවව්වා .

අධිමාත්‍රDonde viven las historias. Descúbrelo ahora