රන් සමනල්ලු 5

1K 120 67
                                    

එදින තද රස්නය දවසකි උදේ සිටම පැවතියේ ඇස් දවලන ගතියකින් පෙළුණු නිසා අමායා දිවා විවේකයෙදී මුහුණ කට සෝදා ගත්තාය. මීලගට තිබු කාලච්චේද දෙක හිස් ඒවා වූ බැවින් පන්තියටම වී සිටිය හැකි විය. කන්සායි සහ අමායා පාසලේදී හැදැරුවෙ එකම විශයන්ය. පන්තියට යන විට කන්සායි ඩෙස්කුව මත ඔලුව තබා ගෙන සිටියාය.

"කන්සා..... කන්සා.. නැගිටින්න්කෝ..."

"ම්ම්ම්ම්ම්ම්. ඇයි " කන්සායි නිදිගැට කඩමින් නැගිට්ටාය.

"වටයක් දාල එමු "

"දැන් " කන්සාය් ඔලුව කසමින් ඇසුවාය.

"ඕව් ඉතින් අන්තිම දෙකේ ටීචර් අවාමද යන්නේ... යන්කො.. අනේ අනේ.. යන්කො "

"ම්ම්ම් යන්කො "

දෙදෙනාම පාසල් වත්ත පුරා ඇවිදින්නට පටන් ගත්තොය... කන්සායිට දැන් පෙර මෙන් නොව ඇයට දැන් වෙනදා තරම් තරහ යන්නේ නැති බව අමායා විසින් නිරීක්ෂණය කළාය.. පාසලට පැමිණ මාස පහක් පමණ ගත වී ගොස් තිබු අතර ඒම කාලය තුල මදින් මදම කන්සායි ගෙ තරහාව ටිකෙන් ටික නිවී යමින් පවතීන බව පැහැදිලි වී ඇත. පෙරදි මෙන් කන්සා යනුවෙන් කැ ගසා ඇමතුවද ඇය නම් තරහ ගත්තේ නැත.කන්සායි ගෙ කුමක් හෝ වෙනසක් ඇති වෙමින් පවතින බව අමායාට නම් දැන් නිසැකය. විවිධ තැන් වල ඇවිද ගොස් හති වැටුණු ඔවුන් දෙදෙනා පාසලේ ඈත කෙලවර තිබු මැයි මල් ගස යට හිදගත්තොය..

 විවිධ තැන් වල ඇවිද ගොස් හති වැටුණු ඔවුන් දෙදෙනා පාසලේ ඈත කෙලවර තිබු මැයි මල් ගස යට හිදගත්තොය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මැයි ගස තිබුනේ පාසලෙන් බොහෝ දුර පිට්ටනියේ ඈත කෙලවරය... මැයි ගසේ විශාල මුල් පිටතට නෙරා ගස වටා පැතිර තිබීම නිසා එය කෙනෙකුට නිදාගෙන සිටීමට තරම් සුදුසු ඇදක් මෙන් සැදී තිබිණ.කන්සායි මැයි ගසේ මුලේ කෙලවරක හිදගෙන හිසට යටින් අත තබාගෙන ගසේ කදට හේත්තු වුවාය කකුලක් පිට කකුලක් දාගත් ඇය සෙමෙන් ඇස් පිය ගත්තාය. අමායාද ඇය අනුකරණය කළාය... ඇස් දෙක පියාගත් ඇයට මැයි කොළ සුලගට සෙලවෙන සිරි සිරි ශබ්දයත් පාසල් බැම්මෙන් එපිට යන වාහන වල සද්දයත් ඇසිනි.හැමු සුළග උණුසුම් වුවද එය්න් ඇගට සනීපයක් දැනිණි..
අමායා ඇස් හැරියාය.. ඇය කන්සාය් දෙස බැලුවාය.එ වන විටත් කන්සාය් දැස් අඩවන් කරගෙන බාවනා කරන්නෙක් මෙන් තමා දෙස බලා සිටිනවා අමායාට පෙනිණි..

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now